This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Wednesday, December 28, 2016

රෝග නසන අනෝදා කොළ ඔසුවේ විශ්මිත රහස් මෙන්න

රෝග නසන අනෝදා කොළ ඔසුවේ විශ්මිත රහස් මෙන්න


අනෝදා කොළ ප්‍රතිලාබ  විශේෂයෙන් සමහර අනපේක්ෂිත භයානක රෝග ප්රතිකාර කළ හැක බව මිනිස් සිරුරේ සෞඛ්ය සඳහා, සියලුම ඉතා වේ. අපගේ එදිනෙදා ජීවිතය තුළ අපි ඇත්තටම කෙතරම් විශිෂ්ඨ kasiat අනෝදා කොළ දන්නේ නැහැ. එය ඔබ හට මෙම ලිපිය හොඳින් කියවා හොඳයි එසේ ඔබට මෙම කොළ ප්රතිලාභ නොදන්නේ නම්.
අනෝදා කොළ ප්රතිලාභ පිළිකා වැනි ලෝකයේ පවා බොහෝ භයානක රෝග සඳහා ප්රතිකාර කිරීමට මිනිස් සිරුරේ රෝග විවිධාකාර සුව කළ හැකිය. කෙසේ වෙතත්, වෛද්ය විද්යාව ලෙස නිවැරදි ආකාරයෙන් අනෝදා කොළ භාවිතා කිරීමට හා මිනිස් සිරුරට උපරිම ප්රතිලාභ සැලසීම සඳහා ක්රම ගණනාවක් තිබේ. වෙනත් පලතුරු ප්‍රතිලාබ  මෙන් නොව හුදෙක් පෝෂණය, අනෝදා කොළ ප්රතිලාභ කිහිපයක් භයානක රෝග සඳහා maximal විය හැක ඇත.

සෞඛ්ය අනෝදා කොළ ප්‍රතිලාබ
අනෝදා සෞඛ්ය ප්‍රතිලාබ  සියලු දී ඉතා සඳහා ඉතිරි වන අතර පිළිකා ප්රතිකාර සඳහා වඩාත්ම අතිවිශිෂ්ට ප්රතිලාභ වේ. කෙසේ වෙතත්, වෛද්ය ලෝකය ප්රත්යක්ෂව සාක්ෂි තවමත් එය තහවුරු කර නොමැත. සෞඛ්ය ප්රතිලාභ ඉතා පසුව විකල්ප ස්වභාවික බෙහෙත් පේටන්ට් බලපත්ර විවිධාකාර සොයා ගැනීමට උත්සාහ සෑම නිසා. මෙන්න අනෝදා කොළ ප්රතිලාභ කිහිපයක්.

පිළිකා ප්රතිකාර. අනෝදා කොළ ජලයේ තම්බා , සති 2 ක් දිනපතා 2 වරක් බොන්න. එකම අසාමාන්ය ලෙස වර්ධනය කරන සෛල මරා සෛල සාමාන්යයෙන් වර්ධනය කරමු නිසා අනෝදා කොළ ඊටත් වඩා පත්කරලීමේ වඩා තත්වයට ප්රතිකාර ලෙස භාවිතා කල හැක.

වණ, සුව: සමහර තරුණ අනෝදා ගන්න වියළි ගෙඩිද සමූහයකි තෙක් පසුව තැනක දී ම පීඩාවට පත් කෝප දමා 5 සිට 10 දක්වා කෑලි තරම් පිටත්වේ.

වේදනා ආපසු ප්රතිකාර. පසුව 20 අනෝදා දළු තහඩු සහ 3/4 ගෙන r 1 ගෙන  3 ගුණයක් ඉන්න බොන්න 5 කෝප්ප ජල භාවිතය සමග රත්.

දද හා රූමැටික් ප්රතිකාර: සමහර අනෝදා Crunch සුමට හා ස්ථානය හෝ තවදුරටත් උගුරේ තෙක් බලපෑම එල්ල වූ ප්රදේශයේ පේස්ට්, සාමාන්යයෙන් දින කිහිපයක් දක්වා සඳහන් කළ යුතු ය දක්වා පිටත් වේ.
මත අනෝදා දළු හතරවන ප්රතිලාභ අනෝදා ගෙඩි ඉතා බලගතු ප්රතිලාභ වේ.

   

                     අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

වසර තුනක් භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවායක් මෙන්න.

වසර තුනක් භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවායක් මෙන්න.

වසර තුනක් භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවායක් මෙන්න.
අවුරුදු තුනක් භාවිතයට ගත හැකි සනීපාරක්ෂක තුවායක් ඔස්ට්‍රේලියානු වෙළෙඳ පොළට හඳුන්වාදෙන්නට මාර්කන් ස්ටීව් හා ඔහුගේ බිරිඳ වන ජෙනී සමත්ව තිබෙනවා. පරිසර හිතකාමී අයුරින් නිෂ්පාදිත මෙම සනීපාරක්ෂක තුවා වර්ගය (Hannahpad) 100% ක්ම කපු පුළුන් යොදා සිදුකරන නිෂ්පාදනයක් ලෙස සඳහන්. මෙම සනීපාරක්ෂක තුවා වර්ගය පාවිච්චියෙන් පසු හොඳින් සෝදා වියළා ගැනීමෙන් නැවත නැවත වසර තුනකටත් අධික කාලයක් භාවිතයට ගත හැකි බවයි නිෂ්පාදකයන් සඳහන් කරන්නේ.


ස්ටීවන් හා ඔහුගේ බිරිඳ විසින් සිදුකරනු ලැබූ සමීක්ෂණයකදී වෙළෙඳ පොළේ අලෙවි වන සනීපාරක්ෂක තුවා හා ටැම්පොන් භාවිතයෙන් කාන්තාවන් විවිධ බැක්ටීරියා ආසාදනයන්ට ලක්වන බව සොයා ගත් නිසාත් ගුවන් සේවකයෙකු ලෙස ගත කළ දිවියට සමුදී රසායනවලින් තොර ජීවිතයක් ගත කිරීමට ගත් තීරණය නිසාත් මෙම නව නිෂ්පාදනය හඳුන්වාදීමට කටයුතු යෙදූ බව ඔවුහු සඳහන් කරති. මෙම සනීපාරක්ෂක තුවා අන්තර්ජාලය ඔස්සේ ඩොලර් 14.99 සිට 35 දක්වා වන මිල ගණන් යටතේ අලෙවි වන බවයි වාර්තා වන්නේ.

දළදා මාළිගාව ගැන මේ දේවල් ඔබ අසා තිබුණද?

දළදා මාළිගාව ගැන මේ දේවල් ඔබ අසා තිබුණද?

දළදා මාලිගය බෞද්ධයින්ගේ මුදුන්මල්කඩයි. ජීවිතයේ එක් වතාවක් හෝ දළදා වැඳපුදා නොගත් බෞද්ධ සැදැහැවතකු නැති තරම්. එහෙත් දළදා මාලිගය ගැන අප නොදන්නා දෑ බොහෝවෙයි. මේ ඒ පිළිබඳව ලියැවෙන්නකි.

සෙංකඩගල රජ මාලිගයේ සී මැදුරු කවුළුවෙන් සක්මන් මළුව දෙස බලා සිටින්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ අග මෙහෙසිය ප්‍රමිලාවයි. ප්‍රංශ ජාතික සෙනෙවි දස්කොන් ඉක්මන් ගමනින් පිටත්ව යන්නේ රාජ උදහසට ලක්වයි. එදා ප්‍රමිලාවන් බලා උන් ශ්‍රී යහන් කවුළුව අදද සෙංකඩගල දළදා මාළිගයේ දක්නට ලැබෙයි..

කලක් දළදා කරඬුව වැඩම කරවූ රාජා හස්තියා තැන්පත් කර ඇත්තේ පැරැණි රජ වාසල් ගොඩනැඟිල්ලෙහි ය. එහි ඉහළ මාලයට පිවිසි විට මේ සිරියහන් කවුළුව දක්නට ලැබෙයි. එහි සිට දළදා මාලිගය දෙස බලන ඕනෑම කෙනෙකුට පත්තිරුප්පුව ඇතුළු දළදා මාලිගය මැනවින් දර්ශනය වේ. එපමණක් නොව නුවරවැව මෙන් ම අවට කඳු වැටි ද මැනවින් දැකගත හැකියි.

පියගැට පෙළ නැඟ දළදා මාලිගයට පිවිසෙන වන්දනා කරුවන් ඉන් අනතුරුව පිවිසෙන්නේ බිංගෙයක්” වැනි පිවිසුම් මඟකටයි. අඹරාව නම් වූ එම ස්ථානය පසු කල පසු හමුවන්නේ හේවිසි මණ්ඩපයයි. තේවාවන් අතර හේවිසි වාදනය කරනුයේ මෙහි ය.

මෙම හේවිසි මණ්ඩපය ඉදිරිපිට ඇත්තේ පරණ දළදා මාලිගා ගොඩනැගිල්ල ය. වැඩ සිටින මාලිගාව ලෙස හඳුන්වන මෙහි ඇතුළුවීමට අවසර ඇත්තේ මුල් ලිපියෙන් කී පරිදි තේවාව සිදුකරන හාමුදුරුවරුනට හා ඊට රාජකාරිමය වශයෙන් සහභාගි වන පිරිසට පමණි. හේවිසි මණ්ඩපයේ වම් පස ඇති පඩි පෙළ නගින විට හමුවන්නේ ‘දාගැබ් වහන්සේයි’ එහි බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතූන් නිදන්කර ඇතැයි විශ්වාසයක් පවතියි.

හේවිසි මණ්ඩපයට ඇතුළුවී දකුණු පසට හැරුණු විට ද පඩිපෙළක් හමුවෙයි. ඉන් නැග යද්දී මුලින් ම හමුවන්නේ ‘පල්ලෙ මාලෙ’ නම් ස්ථානයි. මෙය දළදා මාලිගයේ ඇති එක් බුදු මැදුරකි. ඉපැරැණි කැටයමින් යුතු සඳකඩ පහනකින් අලංකාර වූ පඩි පෙළකින් යුතු මෙම බුදු මැදුරට පිවිසීමේ මඟ සකස්කර තිබේ.

දේවේන්ද්‍ර මුලාචාර්යවරයාගේ ගෘහ නිර්මාණශිල්පයට අනුව මෙම ස්ථානය සාදා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුයි. දළදා මැදුරේ සිතුවම් කර ඇතැයි ප්‍රසිද්ධියට පත් පත්ම වන්දන ගාථාව ඇත්තේ මෙම පල්ලෙ මාලේ ප්‍රධාන දොරටුව ළඟ බිත්තියේ පහළ කොටසෙහි ය. පල්ලේ මාලයේ රාජකාරි සියල්ල සිදු කෙරෙන්නේ ස්වාමීන් වහන්සේ නමකගේ මූලිකත්වයෙනි. මෙම ස්ථානයේ රන් පිළිම වහන්සේ නමක් මෙන් ම, කරඬුවක් ඇතුළේ පළිඟු පිළිමයත් තැන්පත්කර තිබේ. මේ කරඬුව ඓතිහාසික වැදගත්කමින් යුතුයි.

දෙල්ගමු රජමහා විහාරයේ සඟවා තිබූ දළදා වහන්සේ විමලධර්මසූරිය රජතුමා විසින් රජවාසලට වැඩම්මවා ඇත්තේ මෙම කරඬුවෙහි බහා ය. පත්තිරුප්පුව දළදා මාලිගයේ ඇති සුවිශේෂී ස්ථානයකි.

අතීතයේ රජු මහජනතාව ඇමතීම හා ඇහුන්කන්දීම සිදුකර ඇත්තේ මෙම ස්ථානයෙහි සිට ය. මුලින් විස්තර කළ සිරිමැදුරු කවුළුවෙන් බලන විට පත්තිරුප්පුව මැනවින් දර්ශනය වනවා සේ ම රජු ඒ රජ වාසලේ සිට පත්තිරුප්පුවට පිවිසිය හැකි බිංගෙයක් ද තිබී ඇත. මෙම බිංගෙයි සිට පැමිණි පත්තිරුප්පුවට ප්‍රවේශවූ පඬිපෙළක් අද ද පත්තිරුප්පුවේ වම් කෙළවරෙහි දක්නට ලැබේ.

එම පියගැට පෙළ ලීයෙන් තැනූ දොරටුවකින් වසා තිබේ. වත්මනෙහි දළදා මාලිගයේ පොත්ගුල පිහිටා ඇත්තේ මෙම පත්තිරුප්පුව ඇතුළත ය. දළදා මාලිගාවේ තේවාවන් බාරව කටයුතු කරන ස්වාමීන් වහන්සේ නමක් මෙම ස්ථානයෙහි ද නිරතුරුව කටයුතු කරයි. වැඩහිඳින මාලිගයේ තේවාවන්ට සම්බන්ධවන ස්වාමීන් වහන්සේ තිදෙනෙක් නිරතුරුව ම කටයුතු කරති. පල්ලෙමාලේත්, පත්තිරුප්පුවේත් කටයුතු ඉටු කරන ස්වාමීන් වහන්සේ දෙනමක් සමඟ දළදා මාලිගයේ නිතිපතා ස්වාමීන් වහන්සේ පස් නමක් වැඩ වෙසෙති.

ඇතුළු විය යුත්තේ හඳුන් කූඩම නමින් හඳුන්වන ආලින්දය පසු කරමිනි. දළදා වහන්සේ වැඩ සිටින්නේ වැඩ හිඳින මාලිගයේ උඩු මහලෙහි ඇති ‘ගඳ කිළිය’ නමින් හඳුන්වන ස්ථානයෙහිය. හඳුන් කූඩ මෙන් ඇතුළු වූවිට මෙම ස්ථානයට පිවිසෙයි. මෙහි එක් පසෙක ‘කත් තියන බරාදෙ’ පිහිටා තිබේ තේවාව ගෙන එන ‘හේම කත්’ තබන්නේ මෙහි ය. ගෙපලුටි බරාදෙ පිහිටා ඇත්තේ කුටියේ වම් පසය. තේවාවට අවශ්‍ය බඩු භාණ්ඩ මෙන් ම කවිකාර මඩුවට අවශ්‍ය තූර්ය භාණ්ඩ මෙහි තැන්පත් කර තිබේ. මෙහි භාරකරු ‘ගෙපලුටි රාලයි’.

වැඩහිඳින කුටියට පිටුපස හළු බරාදේ පිහිටා ඇත. දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි රජුගේ ඇතැම් සළු අභරණ ගලවා මෙහි තබා ඇතැයි කියවේ.

හඳුන්කූඩමෙන් ඇතුළු වූවිට රන් එළිපත්තක් ඇති දෙරටුවක් පසු කළ යුතුයි. ඒ එළිපත්ත පැනීමට අවසර ඇත්තේ තේවා භාර ස්වාමීන් වහන්ස්ට පමණි. මහරජ්ජුරුවන්ට වුව එතැනින් ඔබ්බට යෑමට අවසර නැති බවයි කියැවෙන්නේ. රජතුමා මේ එළිපත්ත මත තම ඔටුන්න ගලවා තබා දළදා වහන්සේට වැදුම් පිදුම් කළ නිසා වර්තමානයේ ද කිසිවෙකුට මෙම එළිපත්ත පැනීමට අවසර නැත. එසේ ම එම ස්ථානයේ දණ නමා වන්දනා කිරීමට කිසිවෙකුට අවසර තැත්තේ රජු වැදුම් පිදුම් කළේ එම ස්ථානයේ වීම නිසයි.

දළදා මාලිගයේ ඇති වටිනාම කරඬුව දළදා කරඬුවයි. දළදා වහන්සේ තැන්පත් කර තිබෙන්නේ කරඬු හතකින් ආවරණය කොටයි.

පළමු වන කරඬුව විශාල ය. එහි රන් මාල, ආභරණ පලදවා තිබේ. මැණික් ඔබ්බවන ලද ආභරණ දළදා වහන්සේට පූජා කරන ලද ඒවායි.

විමල ධර්මසූරිය රජු විසින් පූජා කර ඇති මෙම පළමු කරඬුව විශාල බරකින් යුතු බව පැවසේ. පළමු කරඬුව ඉවත් කළ පසු හමුවන දෙවැනි කරඬුව ඇතුළත වටිනා කෞතුක වස්තු රාශිය තැන්පත් කර ඇතැයි සඳහන් වේ. ඒ අතර රන්පත් සමූහයක් තැන්පත් ව තිබේ. ඒවායේ ධම්මචක්ක පවත්වන සූත්‍රය පාතිමොක්ඛය වැනි ධර්ම පාඨ ඇතුළත් වේ. එය බුරුම රටින් පරිත්‍යාග කරන ලද්දකි.

තුන්වැනි කරඬුවට ඉවත් කළ විට හමුවන්නේ රනින් කළ හතර වැනි කරඬුවයි. එහි ඔබ්බවා ඇති ඉතා වටිනා ගල් බව ද සඳහන් වේ. එම කරඬුව ඉවත් කිරීමට නම් මල්වතු මහා විහාරයේ මහ නාහිමි වඩම්මවා ගත යුතු වෙයි. එහි යතුර ඇත්තේ උන්වහන්සේ ළඟ. ‘මල්වතු කරඬුව‘ ඉවත් කළ පසු හමුවන පස් වැනි කරඬුව ඇහැලේපොල මහ අධිකාරම් විසින් පූජා කරන ලද්දක් බව සඳහන් වෙයි. මෙහි යතුර ඇත්තේ අස්ගිරි මහ නාහිමි බාරයේයි. අස්ගිරි කරඬුව ලෙස ද එය හඳුන්වයි. මින් පසුව හමුවන හයවන කරඬුව අසල හේමමාලා සහ දන්ත කුමරු දළඳා වහන්සේ වඩම්මවා ගෙන ආ කරඬුව ද තැන්පත්කර තිබේ.

හත්වැනි කරඬුව අඟල් හතරක් පමණ උඩු කරඬුවකි. බුරුම රටින් පූජා කරන ලද්දක් වන එහි දළදා වහන්සේ තැන්පත් කර තිබේ. මෙම කරඬුවලට වම් පසින් පෙරහර කරඬුව තැන්පත් කර තිබෙනු දක්නට ලැබෙයි. පසුගියදා මහ පෙරහරේ නැඳුන්ගමුවේ රාජා ඇතා විසින් වඩම්ම වනු ලැබුවේ මෙම කරඬුවයි. 1953 වසරේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් දළදා පෙරහර වෙනුවෙන් පූජා කරන ලද මෙම කරඬුව වටා අලංකාර කිරීමට යොදාගෙන ඇත්තේ ඒ රජුගේ අගමෙහෙසියගේ මාල පලඳනාවයි.

දළදා මාලිගයට අයත් ස්ථාන අතර මාලිගා භූමිය ඇතුළත මෙන් ම මහනුවර නගරයේ සහ මධ්‍යම පළාත පුරා පැතිරුණු ස්ථාන බොහොමයක් ම වෙයි.

නුවර වැව ආසන්නයේ ම පිහිටා ඇත්තේ රජුගේ ‘උල්පැන්ගෙයයි’ රජු ස්නාන කටයුතු කර ඇත්තේ මෙහියි. එකල එය භාරව රාජකාරි කර ඇත්තේ ‘දියවඩන නිලමේ’ තුමායි. නුවර වැව අද්දර අදද ඒ උල්පැන්ගෙය වෙයි.

වත්මනෙහි දළදා සමිඳුන්ගේ ගිහි භාරකරුවාවන්නේ දියවඩන නිලමේ තුමායි. වර්තමානයෙහි එම ධූරය දරනුයේ නිලංග දෑල මහතායි. දියවඩන නිලමෙගේ කාර්යාලයෙන් පිට වූ පසු නැවතත් පිවිසෙන්නේ හේවිසි මණ්ඩපය වෙතයි. මාලිගාවෙන් පිටවීමට නම් නැවතත් අඹරාව දිගේ විත් පියගැට පෙළ බැසිය යුතුයි. එහි අවසානයේ ඇති යකඩ ගේට්ටුව පසුකර ගිය විට නැවතත් දිය අගල හමුවෙයි.

දිය අගලෙහි පොරි කමින් මාළු තරගයක යෙදී සිටිති. වාළුකා බැම්ම මත නෙක් පැහැ පරවියන් ලැසිගමනින් ඇවිද යන්නේ සොඳුරු දසුනක් මවමිනි.

බුද්ධිකා බ්‍රාහ්මණගේ


 අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

අසිරිමත් ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ ඉතිහාසයේ නොවැසූ අරුම පුදුම දේවල් මෙන්න

අසිරිමත් ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ ඉතිහාසයේ නොවැසූ අරුම පුදුම දේවල් මෙන්න

මෙම මහා භද්‍ර කල්පයේ සතර වැනි සම්මාසම්බුදු රජුන් ලෙස පහළ වූ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝ සතුන් සසර කතරින් එතෙර කරවමින් දහම් අමා වැසි වස්සවමින් වැඩසිට බුද්ධකෘත්‍ය සම්පූර්ණ කොට පිරිනිවන් පා වදාළ කල්හි ඒ බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු ළය මඬලෙන් උපන් ක්ෂීණාශ‍්‍රව මහරහතන් වහන්සේලා විසින් ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව මගින් උතුම් ශාසන දායාදය වන චතුරාර්ය සත්‍ය ප‍්‍රකාශිත මිහිරි ශ‍්‍රී සද්ධර්මය අඛණ්ඩව, අවිච්ඡින්නව, පාරිශුද්ධව පවත්වාගෙන එන ලද්දේ ය.


එමෙන්ම බුදු සසුනට ඇතුළු වන්නා වූ ඇතැම් පුද්ගලයන් විසින් කරනු ලබන දුර්මතයන්ගෙන් කලින් කලට ඇති වන්නා වූ ශාසනික අර්බුදයන් සමනය කරමින් ශාසනභාරධාරී මහරහතන් වහන්සේලා ධර්ම සංගායනා මගින් උතුම් ධර්ම විනය යළි යළිත් ස්ථාපිත කරන ලද්දේ ය. ඒ ආකාරයෙන් දඹදිව් තලයේ ගෞතම බුද්ධ ශාසනය මහත් ආනුභාව සම්පන්නව බැබලෙමින් පවතින කල්හි යලිත් එයට අනතුරු පහළ වූ විට ධර්මාශෝක අධිරාජයාගේ සහායයෙන් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසින් තුන් වන ධර්ම සංගායනාවෙන් යලිත් ස්ථාපිත කරන ලද ගෞතම බුදු සසුන සකල ලෝකය තුල පතුරුවා හැරීමේ පරම පිවිතුරු හැඟීමෙන් යුතුව නා නා දේශයන් වෙත රහතන් වහන්සේලා පිටත් කොට යවන ලද්දාහු ය.

එහිදී අපගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිකෙලෙස් ළය මඬලෙහි උපන් බුදු පුතුනුවන් වහන්සේ නමක් වූ හැම කල්හි පිවිතුරු සිත් ඇති මහා පින්වන්ත වූ මිහිඳු මහරහතන් වහන්සේව ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේරයන් වහන්සේ යන සඟ පිරිස ද කැටුව භණ්ඩුක උපාසක සමඟ මෙම ශ‍්‍රී ලංකාවට එවා වදාරණ ලද්දේ ය. එසේ වැඩමවා වදාළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් පිහිටුවා වදාරණ ලද ගෞතම බුද්ධ ශාසනයේ ආලෝකයෙන් අපගේ මාතෘ භූමිය වූ ශ‍්‍රී ලංකාද්වීපය සදහම් එළියෙන් ආලෝකමත් වූයේ ය.
එසේ උතුම් බුදු සසුන රක්ෂිතව ගෝපිතව සිරිලක් ධරණි තලයට ශාන්තිය උදා කරමින් පවතින කල්හි පරදේශ ආක‍්‍රමණයන්ගෙන් සහ මිසදුටු බලවේගයන්ගෙන් ඇති වූ ශාසන පරිහානිකර අර්බුදයන් බලවත්ව පැමිණි යුගයක “මාගේ මේ ව්‍යායාමය රජ සැප විඳීම පිණිස නොව ගෞතම බුදු සසුනේ චිරස්තිථිය පිණිස ම වන්නේ ය” කියා ලක්දිව එකඡත‍්‍ර කොට රජ පැමිණි දුටුගැමුණු මහා නරේන්ද්‍රයන් හට රජමාලිගයෙහි රන් කරඬුවක තැන්පත් කොට තිබුණු රන් පතෙක ලියා ඇත එක්තරා අනාගත වාක්‍යයක් කියවන්නට ලැබුනේ ය.

එය වනාහි දෙවන පෑතිස් රජතුමා හට මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලද අනාගත වාක්‍යකි. එනම් “පින්වත් මහරජාණෙනි, තොපගේ මුණුපුරෙක් වන පින්වත් කුමරෙක් දුට්ඨගාමිණී අභය නමින් අනාගතයෙහි ලංකේශ්වර වන්නේ ය. ඒ මහා ප‍්‍රාඥ වූ නරපතිතෙමේ සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කොට එක්සිය විසිරියනක් උස් වූ මනෝරම්‍ය වූ ස්වර්ණමාලී නම් මහා ස්ථූපයක් කරවන්නේ ය. එමෙන් ම ශාසන මාමක වූ ඒ මුණුබුරාණෝ නොයෙක් මාණික්‍යන්ගෙන් විභූෂිත වූ තව්තිසාවෙහි සුධර්මා නම් වූ දිව්‍ය සභාව පරදවා නව මහලින් සුසැදි ලෝවාමහාප‍්‍රාසාදය නම් වූ උපෝසථාගාරයක් ද කරවන්නාහු ය.” මෙම අනාගත වාක්‍යය කියවූ දුට්ඨගාමිණි අභය නරපතිතුමා තෙරුවන් කෙරෙහි උපන් බලවත් ශ‍්‍රද්ධාවෙන් යුතුව පී‍්‍රතියෙන් උද්දාමව අත්පොලසන් දුන්නේ ය. ඉක්බිති මහමෙවුනා උයනට රහතුන් වහන්සේලා ප‍්‍රධාන භික්ෂු සංඝයා රැස් කරවා “පින්වත් ස්වාමීන් වහන්ස, නුඹ වහන්සේලාගේ පොහොය කර්මය උදෙසා දිව්‍ය විමානයක් බඳු වූ ප‍්‍රාසාදයක් කරවන්නට මම කැමැත්තෙමි. එම නිසා එක්කෙනෙකුන් වහන්සේ දිව්‍ය විමානයකට පිටත් කොට යවා ඒ ආකාර වූ සිතියමක් මට ගෙන්වා දෙන සේක්වා!”

එකල්හි භික්ෂු සංඝයා විසින් රහතන් වහන්සේලා අට නමක් දෙව්ලොවට පිටත් කොට යවන ලද්දාහු ය. එහිදී භරණී නම් දෙව් දුවගේ දිව්‍ය විමානය ඒ රහතන් වහන්සේලා හට දැකගන්නට ලැබුණේ ය. එහි අතීත කතාව කෙසේ ද යත්, මේ මහා භද්‍ර කල්පයෙහි තුන්වැනිව පහළ වී වදාළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ අශෝක නම් බ‍්‍රාහ්මණ පින්වතෙක් නිබඳව සංඝයා උදෙසා දන්පැන් පුදන්නේ එය මනාකොට කරනු පිණිස භරණී නම් දාසිය හට පවරන ලද්දේ ය. එකල්හී ඕතමෝ ජීවිතාන්තය දක්වා සඟ බත් මැනැවින් පුදන්නී මරණින් මතු නිදා පිබිදියාක් මෙන් ඉතා චිත්තාකර්ශණීය වූ දිව්‍ය විමානයක උපන්නී ය.

එකී දිව්‍ය විමායෙහි උපන් භරණී දෙව් දුව සැම කල්හි දහසක් දෙවඟනන් පිරිවරන ලද්දී ය. ඇගේ පිනට පහළ වූ මාණික්‍යමය දිව්‍යප‍්‍රාසාදය උසින් දොළොස් යොදුනක් වූයේ ය. හාත්පසින් අට සතලිස් යොදුනක් වූයේ ය. කූටාගාර දහසකින් සැරසුනේය. මහල් නවයකින් සෝභමාන වූයේ ය. ගබඩා දහසකින් යුතු වූයේ ය. සීහපංජරකාවාට නැමැති දුර බැලිය හැකි කවුළු දහසකින් සැරසුනේ ය. කිංකිණිජාලයන්ගෙන් යුතු වට අදින ලද තිර පෙලෙන් අලංකාර වූයේ ය. ඒ ප‍්‍රාසාදය මධ්‍යයෙහි හාත්පසින් ලෙළ දෙන ධජ පතාකයන්ගෙන් විභූශිත වූ අම්බට්ඨික නම් වූ ප‍්‍රාසාදයක් පිහිටියේ ය. තව්තිසා දෙව්ලොව වඩිනා රහතන් වහන්සේලා හට මෙම භරණී දෙව්දුවගේ ප‍්‍රාසාදය දැකගන්නට ලැබුනේ ය. ඒ කෙරෙහි පහන් වූ සිත් ඇති රහතන් වහන්සේලා එය වස්ත‍්‍රයක සටහන් කොට භික්ෂු සංඝයා වෙත රැගෙන වැඩි සේක.

එකල්හි එය දුටු දුටුගැමුණු නරනිඳු තෙමේ අතිශයින්ම පැහැදී නවමහල් ලෝවාමහාප‍්‍රාසාදය නම් වූ උපෝසථාගාරය කරවා සත්දිනක් මුළුල්ලේ පුද පූජාවන් පවත්වා අපමණ ප‍්‍රීතියට පත්වූයේ ය. ඉක්බිත් දුටුගැමුණු නිරිඳුන් ලක්ෂයක් රන් කහවනු වියදම් කොට උඩ මළුවේ වැඩ සිටින ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේට බෝධි පූජාවක් කරවා නුවර පැදකුණු කරන්නේ මහාසෑය පිහිටන බිමෙහි සිටුවන ලද ශිලාස්ථම්භය දැක කියවන්නට ලැබුණේ ය. එහි සඳහන් වූයේ ද රාජ මාලිගයෙහි කරඬුවක තැන්පත් කොට තිබෙන රන් පතෙහි ඇති මිහිඳු මහරහතන් වහන්සේගේ අනාගත වාක්‍ය නිසා රජතුමා මහත් සතුටට පත් වූයේ ය.

එකල්හි ප‍්‍රීතිප‍්‍රමෝදයෙන් යුතු රජතුමා එදින රාත‍්‍රියේ රාජභෝජන වළඳා ලොවට උතුම් මහා සෑය කරන්නට සිතමින් සේසත යට සයනය කරමින් කල්පනා කරන්නට වූයේ ය. ‘මම් වනාහි ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට මහාසෑයක් කරවන්නට තරම් පින් ඇති කෙනෙක් වෙමි. අහෝ! එය මට මහත් ලාභයක්ම වන්නේ ය. එහෙයින් ලක්වැසි කිසිවෙකුටත් පීඩා නොකොට අය බදු වලින් නොපෙලා දැහැමින් උපයන ලද වස්තුවෙන් මහාසෑය කරවන්නට ඇත්නම් කොතරම් අගනේදැයි’ සිතමින් සිටියේ ය.

එකල්හි මේ පින් සිතිවිල්ල දැන ගත් රාජසේසතෙහි විමනක් තනා සිටි දෙව්දුව එකරුණ දෙවියන්ට සැල කරන ලදුව සිරිලක පිහිටුවන්නා වූ මහාසෑය හදන්නට දුටුගැමුණු මහා රජාණන් හට උපකාර වීම පිණිස දෙව්ලොව දෙවියන් අතර මහත් ස්ථූපඝෝෂාවක් පැන නැංගේ ය. එකල්හි දෙදෙව්ලොවට අධිපති ශක‍්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්වකර්ම දෙව්පුතුන් හට අණ කරන්නේ “එම්බා දිව්‍ය පුත‍්‍රය, ගෞතම සසුනෙහි පහන්ව සිටින දුටුගැමුණු නරනිඳු තෙමේ මහාසෑය කරවන්නට සිතමින් සිටින්නේ ය. එබැවින් තෙපි එහි ගොස් අනුරාධපුරයෙන් යොදුනක් දුරින් පිහිටි ගම්භීර නම් නදිය අසබඩ මහාසෑයට ගඩොල් මවන්නැයි” පවසා සිටියේ ය.

පසුදින දුටුගැමුණු රජතුමා හට මහාසෑය උදෙසා ගඩොල් මැවී ඇති බව අසා අපමණ චිත්තප‍්‍රසාදයක් ඇති වූයේ ය. එමෙන්ම අනුරපුරයට ඊසාන දිගින් තුන් යොදුනක් ගිය තන්හි ආචාරවිටි නම් ගමෙහි නොයෙක් ප‍්‍රමාණයෙන් යුතු රන්බිජු පහළ වී තිබුණේ ය. එහි තිබූ රන්බිජු අතර වියතක් පමණින් විශාල වූ බොහෝ ස්වර්ණ බීජයෝ වූවාහුය. කුඩා වූ ස්වර්ණ බීජයෝ අඟල් ප‍්‍රමාණ වූවාහුය. අතිවිශාල බිම් කඩෙක පැතිර තිබූ ඒ සියළු ස්වර්ණ බීජයන් රජතුමා විසින් මහාස්ථූපයට වෙන්කරන ලද්දේ ය.

අනුරපුරෙන් නැගෙනහිර දිශායෙහි සත්යොදුනක් ගිය තන්හි මහවැලි ගෙඟන් එතෙරවූ තඹවිටි නම් ගමෙහි මහාසෑයට තඹ සහ යකඩ උපන්නේ ය. අනුරපුරයට ඊසාන දිගින් සතර යොදුනක් ගිය තන්හි සමන් වැව නම් ගමෙහි වැව් තෙර වැල්ලෙහි අති විශාල වූ බොහෝ මාණික්‍යයෝ උපන්නාහු ය. අනුරපුරයෙන් දකුණු පස අට යොදුනක් ගිය තන්හි අම්බට්ඨකෝල නම් ජනපදයෙහි එක්තරා ගල්ලෙනක මහා රිදී කඳක් පැන නැංගේ ය. අනුරපුරයේ බටහිර දෙස පස්යොදුනක් ගිය තන්හි උරුවේල නම් පටුනෙහි වර්ණයෙන් හා ප‍්‍රමාණයෙන් නෙල්ලි ගෙඩි තරම් විශාල වූ මුතු ද පබලූ ද මුහුදෙන් ගොඩ ගසන ලද්දේ ය.

අනුරපුරයෙන් උතුරු දිශාවෙන් සත් යොදුනක් ගිය තන්හි පෙලවැව් නම් ගමෙහි වැවට වැටෙන දිය කඳුරැලියක වැලි අතරේ ඇඹරුම් ගල් ප‍්‍රමාණයෙන් විශාල වූ දියබෙරලිය මල් පැහැ ඇති මහා මිණි රුවන් සතරක් උපන්නේ ය. ගෞතම බුදු සසුනෙහි පහන් සිත් ඇති සාසන මාමක නරනිඳු තෙමේ ඒ ඒ තැන පහළ වූ වස්තූන් ගැන තොරතුරු ගෙන ආ සියල්ලන්ට ම ආදර ගෞරව දක්වා මැනැවින් සත්කාර කළේ ය. ඒ සියළු වස්තුව රුවන්වැලි මහා සෑය උදෙසා දේවානුභාවයෙන් පහළ වූ පූජාවන් ම වූයේ ය.

මේ ආකාරයෙන් මෙම මහා ස්ථූපය කරවන්නට සියළු පිරිකර සම්පූර්ණ වුන කල්හි වෙසක් පුන් පොහෝ දිනයෙහි මහාසෑය කරවන්නට සූදානම් වී මුල්වැඩ අරඹන ලද්දේ ය. එහිදී මහාසෑ බිමෙහි පිහිටි එක්තරා රන්තෙලඹු ගසක් ඉවත් කළ යුතු වූයේ ය. එකල්හි එහි විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව්දුවක් රහතන් වහන්සේලා මුණ ගැසී ඇගේ දිව්‍ය විමානය පිහිටි රන්තෙලඹු ගස ඉවත් නොකරන්නැයි ඉල්ලා සිටියා ය. එවිට රහතන් වහන්සේලා ඒ දෙවඟන හට මහාස්ථූපයේ ආනුභාව ගැන පවසා වෙන විමානයකට යන්නට සුදුසු රුකක් පෙන්වා දුන් සේක. ස්වර්ණමාලී දෙව්දුව රහතුන්ගේ ආයාචනයට සතුටු වී රන්තෙලඹු ගසින් ඉවත්ව වෙන විමානයකට යන්නට කැමැත්ත පළ කොට සිටියා ය. නැවත ඕතමෝ තමාගේ නාමයෙන් මහා සෑය බඳිනා සේක්වා යැයි රහතන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා ය. එකල්හි ඇයගේ ඉල්ලීමට සවන් දුන් රහතන් වහන්සේලා ස්වර්ණමාලී යන නාමය සහිතව මහාස්ථූපය කරවීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමා හට දැනුම් දුන්නාහු ය.
එකල්හි ස්වර්ණමාලී දෙව් දුව නමින් ස්වර්ණමාලී මහා සෑය තැනවීමට සුදුසු වූ ඒ බිම් කඩෙහි පිහිටි ශිලාස්ථම්භය බැහැර කොට මහාසෑය පිහිටන භූමියෙහි සත්රියනක් යටට සාරවා පස් ඉවත් කරන ලද්දේ ය.

අතිශයින් ම විචක්ෂණ නුවණ ඇති මහාප‍්‍රාඥ වූ දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ යෝධයන් ලවා සුනු හා ගල් ගෙන්වා මැනැවින් කුඩු කරවා එම භූමියෙහි ඇතිරුවේ ය. ඉන් පසු ඝන සමින් වසන ලද පතුල් ඇති හස්තිරාජයන් ලවා මැනැවින් පාගවන ලද්දේ ය. ඒ මත ඇතිරීම පිණිස ආකාශ ගංගාව ගලා වැටෙනා කල්හි නිරන්තරයෙන් තෙත් වූ තිස් යොදුනක් භූමියක පිහිටි සියුම් සුවඳ මැටි ඇති නවනීත හෙවත් වෙඬරු මැටි නම් වූ සියුම් මැටි ඍද්ධිමත් වූ රහත් සාමණේරයන් වහන්සේලා හිමාලයෙන් ගෙන වැඩි සේක. සෑ පිහිටන බිමෙහි ගල් අතුරා හස්තිරාජයන් ලවා තලවා එහි සිදුරු වැසෙන්නට නවනීත මැටි මැනැවින් අතුරන ලද්දේ ය. ඒ මත දෙවියන් විසින් මවන ලද ගඩොල් අතුරන ලද්දේ ය. ඒ මත ඉතා පිරිසිදු වූ කරගල් ද ඒ මත කුරවින්ද නම් විශේෂ පාෂාණය ද අතුරා ඒ මත සවිමත් යකඩ දැලක් දමන ලද්දේ ය. ඒ යකඩ දැල වැසෙන්නට බොරළු දමන ලද්දේ ය. එය සමකොට තලවා ඒ මත ඍද්ධිමත් රහත් සාමණේරයන් වහන්සේලා විසින් හිමාලයෙන් ගෙන එන ලැබූ පළිඟු මැණික් ගල් අතුරන ලද්දේ ය. එහි සියළු සිදුරු වැසෙන්නට ඒ මත නවනීත මැටි අතුරන ලද්දේ ය. ඉන් පසු රජතුමා රසදිය නම් රසායනයෙන් මිශ‍්‍ර කරන ලද මැලියම් තවරන ලද්දේ ය. එය මත අඟල් අටක් ඝන වූ ලෝහ තහඩුවක් මැනැවින් අතුරන ලද්දේ ය. ඒ ලෝහ තහඩුව මත තල තෙලින් පදම් කොට ගත් රත්සිරිගල් අතුරන ලද්දේ ය. ඒ මත අඟල් සතක් ඝණ වූ රිදී තහඩුවක් මැනැවින් අතුරන ලද්දේ ය.

මේ ආකාරයෙන් ගෞතම බුදු රජුන් කෙරෙහි පිහිටි අපමණ ශ‍්‍රද්ධාවෙන් යුතුව අපගේ දුටුගැමුණු මහරජාණන් ඒ රිදී තහඩුව මත ගොඩනැගෙන මහාසෑය පිණිස මුල් ගල් තබන පින්කමට මහා සංඝරත්නයට ආරාධනා කර සිටියේ ය. “පින්වත් ස්වාමීන් වහන්ස, අපගේ සර්වඥරාජෝත්තමයන් වහන්සේ උදෙසා ස්වර්ණමාලි මහාචෛත්‍ය කරවන්නට වූ මංගල ගඩොල හෙට උදා වන වෙසක් පුන් පොහෝ දිනයේ මම පිහිටුවන්නෙමි. එබැවින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා සෑ බිමට වඩින සේක්වා”යි ආදර බැතියෙන් යුතුව භික්ෂු සංඝයාට ඇරයුම් කොට අනතුරුව ලංකාවාසී සැදැහැවතුන් හටද “පින්වත් ජනයනි, සෙට දිනයේ අපගේ බුදුඑරජාණන් වහන්සේට පුද පූජාවන් පවත්වා පෙහෙවස් සිල් සමාදන් වී සුවඳ මල් ආදිය ගෙන මහා සෑය පිහිටුවන භූමිය වෙත පැමිණෙත්වා” යැයි කියා සිටියේ ය.

ඉක්බිති ලක්බුදු සසුනෙහි පිනට පහළ වූ දුටුගැමුණු මහරජාණන් ගේ අවවාද පරිදි ස්වර්ණමාලී මහා සෑය කරා යන මග දෙපස අලංකාර කරවා මහාවිහාර භූමියට ඇතුලූ වන නුවර සතර දොරටුවහි කරණවෑමියන් තබන ලද්දේ ය. බොහෝ සුදු වස්ත‍්‍ර තබන ලද්දේ ය. ප‍්‍රණීත ආහාර පාන තබන ලද්දේ ය. එහි පැමිණෙන්නා වූ මහජනයා හිස් රැවුල් කපා දිය නා මධුර වූ ආහාරපානයන් ගෙන් සන්තර්පනය වී සුවඳ මල් රැගෙන එම භූමියෙහි රැස් වූවාහු ය. දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ මැති ඇමති සේනාව පිරිවරාගෙන මහා සෑය පිහිටන බිමට රාජකීය ලීලාවෙන් සම්ප‍්‍රාප්ත වන කල්හි සිව්සැට බරණින් සැරසුන සුන්දර නාටිකාංගනාවෝ දිව්‍ය කණ්‍යාවන්ගේ සෝභා මතු කරවමින් බුදු ගුණ ගායනා කරමින් නැටුම් දක්වමින් ආතත, විතත, විතතාතත, ඝන, සුසිර යන පංච තූර්ය නාදයෙන් ඒකනින්නාද කරවමින් පෙරහැරේ ඉදිරිපස ගමන් කළාහු ය.

ගෞතම බුදු සසුනේ පිළිසරන ලැබූ ක්ෂීණාශ‍්‍රව මහරහතන් වහන්සේලා ද මෙම අසිරිමත් පින්කම උදෙසා ලොව නා නා දිශාවන්ගෙන් මේ ලක් දිවට සතුටු සිතින් වැඩම කළ සේක. රජගහ නුවර ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ අසූදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. බරණැස ඉසිපතන මිගදායේ සිට ධම්මසේන රහතන් වහන්සේ දොළොස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ සිට පියදස්සී රහතන් වහන්සේ සැටදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක.

විශාලා මහනුවර මහ වනයේ සිට බුද්ධරක්ඛිත රහතන් වහන්සේ දහඅටදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ සිට මහා ධම්මරක්ඛිත රහතන් වහන්සේ තිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. උදේනි නුවර දක්ඛිණගිරි විහාරයේ සිට මහා ධම්මරක්ඛිත රහතන් වහන්සේ සතලිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. පාඨලීපුත‍්‍ර අගනගරයෙහි අශෝකාරාමයේ සිට මිත්තිණ්ණ රහතන් වහන්සේ එක්ලක්ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කාශ්මීර මණ්ඩලයේ සිට උත්තිණ්ණ රහතන් වහන්සේ දෙලක්ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක.

පල්ලවභෝග ජනපදයේ සිට මහාදේව රහතන් වහන්සේ සාරලක්ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. යෝනක දේශයෙහි අලසන්දා නගරයේ සිට මහාධම්මරක්ඛිත රහතන් වහන්සේ තිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. වින්ධ්‍යා වනපියසේ වත්තනීය සේනාසනයේ සිට උත්තර රහතන් වහන්සේ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. බුද්ධගයා බෝධි මණ්ඩල විහාරයේ සිට චිත්තගුත්ත රහතන් වහන්සේ තිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. වනවාස ප‍්‍රදේශයේ සිට චන්ද්‍රගුප්ත රහතන් වහන්සේ අසූදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කයිලාස විහාරයේ සිට සුරියගුප්ත රහතන් වහන්සේ අනූසය දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. මේ පින්කම සඳහා ලංකාද්වීපයෙන් වැඩම කොට වදාළ රහතන් වහන්සේ ලා ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ ගණන පමණ කළ නොහැක්කේ ම ය.

මේ අයුරින් වැඩම කොට වදාළ ගෞතම බුදු රජුන්ගේ ශ‍්‍රාවක සඟ රුවන දුටු දුටුගැමුණු නිරිඳානෝ ශ‍්‍රද්ධාවෙන් කුල්මත් වී ගිය සිතින් යුතුව සුවඳ මලින් සංඝයා පුදා පසඟ පිහිටුවා වන්දනා කොට මහා සෑය පිහිටවන බිමට පැමිණියාහු ය. ඒ බිම මැද පිහිටුවන ලද රන් කණුවට බඳින ලද රිදියෙන් නිමවූ සීමා දණ්ඩ ගෙන චෛත්‍ය පිහිටුවන භූමිය සළකුණු කරමින් ගමන් කළේය. එහිදී එහි ප‍්‍රමාණය සිද්ධාර්ථ නම් මහරහතන් වහන්සේ පෙන්වා වදාරන ලද්දේ ය. නොපසුබට වීර්යය ඇති ශ‍්‍රද්ධා සම්පන්න වූ දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ එම භූමිය මැද අට දිසාවට යොමු කරන ලද්දාවූ රනින් ද රිදියෙන් ද නිමවන ලද පුන් කලස් අට බැගින් තැබ්බවූයේ ය. එම අට දිසාවට සුවඳ මැටියෙන් තනවන ලද ගඩොල් කැට අටක් තැබ්බවූයේ ය.

එකල්හි දුටුගැමුුණු මහරජතුමා පෙරදිසාවේ පිහිටි සුවඳ කැවූ මැටි මත ප‍්‍රථම ගඩොල සකස්ව තැන්පත් කළේ ය. අනතුරුව රහතන් වහන්සේලා ප‍්‍රමුඛ කොට දුටුගැමුණු නිරිඳු දෑ සමන් මල් පුදන කල්හි සැදැහැයෙන් ඉපිල ගිය ලක්මව කම්පිත වූවා ය. ඉතිරි ගඩොල් ද එක් එක් අමාත්‍යයන් ලවා පිහිටවූයේ ය. මෙසේ වෙසක් පුන් පොහෝ දින ආරම්භ කරන ලද ස්වර්ණ මාලී මහා ස්ථූපයේ මුල් කටයුතු ඇසළ මස පුන් පොහෝ දින සම්පූර්ණ කරන කල්හි පියදස්සී නම් මහරහතන් වහන්සේ සැදැහැවතුන් ගේ සිත් නිවන් මඟට යොමු කරවමින් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ සේක. ඒ දේශනාව අසා මහාසෑය පිහිටුවන භූමියේ සිට සතලිස් දහසක් ජනයා සෝවාන් මාර්ගඵලයට පත් වූවාහු ය. දහසක් ජනයා සකදාගාමී වූවාහු ය. දහසක් ජනයා අනාගාමී වූවාහු ය. දහසක් ගිහි ජනයා අරහත්වයට පත් වූවාහු ය. දහඅට දහසක් භික්ෂූන් වහන්සේලා ද, දහ හතර දහසක් භික්ෂුණීන් වහන්සේලා ද අරහත් ඵලයට පත් වූවාහු ය.

මහා සෑයේ ධාතු ගර්භය කරවීම

ගෞතම බුදු සසුනෙහි පහන් වූ සිත් ඇති දුටුගැමුණු මහරජතුමාගේ ආයාචනය පරිදි වැඩමකොට වදාළ සංඝරත්නය සතියක් මුළුල්ලේ රජතුමාගෙන් දන්පැන් පිළිගැනීමට ඉවසා වදාළ සේක. රජතුමා චෛත්‍යස්ථානය පිහිටන හාත්පස දහඅට තැනෙක්හි මණ්ඩප තනවා මහාදන් පැවැත්වූයේ ය.
අනතුරුව දුටුගැමුණු මහ නිරිඳාණන් මහා සෑයේ කටයුතු ආරම්භ කිරීම පිණිස සුදුසු වඩුවන් සොයන්නේ විශ්වකර්ම දිව්‍ය පුත‍්‍රයා විසින් බැල්ම හෙලන ලද මහ නැණවත් වඩුවෙක් රන්තලියක් ජලයෙන් පුරවාගෙන රජු ඉදිරියට පැමිණියේ ය. අතින් දිය ස්වල්පයක් ගෙන ඒ දිය පිටට ගැසූ කල්හි රන්තලියේ පිරවූ ජලය මතින් සුවිසල් පලිඟු ගෝලයක් බඳු මහා දියබුබුලක් පැණ නැංගේ ය. “පින්වත් දේවයන් වහන්ස, මෙබඳු සුන්දර සෝභා ඇති චෛත්‍ය ගර්භයක් කරන්නෙමියි” එම වඩුතුමා පැවසූ කල්හි නරේන්ද්‍ර තෙමේ අතිශයින්ම සතුටට පත්වූයේ ය.

සැදැහෙන් ඔද වැඩී ගිය සිත් ඇති නරේන්ද්‍ර තෙමේ මා මිනිසුන් නොපෙලවා ගඩොල් ගෙන එන්නේ කෙසේ දැයි සිත සිතා සිටින කල්හි ඒ ඒ දිනයට වුවමනා සියළු ගඩොල් දේවානුභාවයෙන් මහාසෑයේ දොරටු සතර අසලට ගොඩගැසෙන්නේ ය. මේ දේවානුභාවය දුටු දුටුගැමුණු නිරිඳුන් අතිශයින් ම සන්තෝෂයෙන් යුක්ත වූයේ ය. මෙහි කිසි කටයුත්තක් නොමිලේ නොකළ යුතු යැයි දැනුම් දෙන ලද්දේ ය. ඒ ඒ දොරටුවෙහි සොළොස්ලක්ෂය බැගින් රන්කහවනු ද බොහෝ වස්ත‍්‍රාභරණයන් ද ප‍්‍රණීත වූ ආහාර පානයන් ද සුවඳ විළවුන් වර්ගයන් ද මුව සුවඳ කරවන්නා වූ බෙහෙත් වර්ගයන් ද තබ්බවා චෛත්‍ය කර්මාන්තය කරවන්නා වූ සියල්ලන්ට ම අනුකූල පරිද්දෙන් ගන්නට සැලැස්වූයේ ය.

මහා චෛත්‍ය කරවනු ලබන කල්හි ඒ සඳහා වෙහෙස මහන්සි වූ සියදහස් සංඛ්‍යාත අනේක ජනයා පහන් සිතුවිලි උපදවා ගනිමින් බොහෝ පින් රැස් කර ගත්තාහු ය. බුදු රජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගත් පිවිතුරු ශ‍්‍රද්ධාව හේතුවෙන් සුගතියේ උපදින්නේ යැයි දන්නා වූ සැදැහැවත් ජනයා සතුටු සිතින් පින්කම් කරන්නාහු ය.

මෙම ස්ථූපය වඩාත් සවිමත් වීම පිණිස මහා චෛත්‍යස්ථානයෙහි ගඩොලින් නිමවන ලද ප‍්‍රධාන මල් ආසන තුන ම ඍද්ධි සම්පන්න වූ රහතන් වහන්සේලා විසින් පොළොව සමකොට ගිල්ලවන ලද්දේ ය. මේ ආකාරයෙන් වාර නවයක් තුලදීම ඍද්ධිමත් රහතන් වහන්සේලා විසින් ඉදිකරන සියල්ල ගිල්ලවන ලද්දාහු ය. එවිට උන්වහන්සේලා කරා පැමිණි රජතුමා පසඟ පිහිටුවා වන්දනා කොට “ස්වාමීනී, පුෂ්පාසනයෝ පොළොවේ ගිලෙන්නාහුය. තනවන ලද සියල්ල පොළොවේ ගිලෙන්නාහු ය. මෙයට හේතුව කවරේදැයි” විචාරන කල්හි පින්වත් මහරජාණෙනි තථාගතයන් වහන්සේගේ ධාතූන් පිහිටුවන මහාසෑය නොගිලෙනු පිණිස ඍද්ධිමත් භික්ෂූන් විසින් මෙය කරන ලද්දේ ය. ඒ ගැන සංකා නොඋපදවා චෛත්‍ය කර්මාන්තය කළ මැනවැයි වදාළ සේක.

එය අසා චිත්තප‍්‍රසන්න වූ රජතුමා චෛත්‍ය කර්මාන්තය කරවන්නට පටන් ගත්තේ ය. එකල්හි භික්ෂු සංඝයා වහන්සේ උත්තර සුමන යන ඍද්ධිමත් සාමණේරයන් වහන්සේලා දෙනම කැඳවා “එම්බා ආයුෂ්මතුනි, මහාසෑයෙහි දාගැබ පිණිස මේඝ වර්ණ පාෂාණයන් ගෙන එනු මැනවැයි” වදාළ සේක. එකල්හි ඒ දෙදෙනා වහන්සේ උතුරුකුරු දිවයිනට වැඩම කොට අසූ රියන් දිය පළල ඇති මණ්ඩලාකාර වූ මනා පැහැයෙන් යුතු පාෂාණයන් ගෙන වැඩියාහු ය. ඍද්ධිමත් රහතන් වහන්සේලා මල් ආසන මත එක් ගලක් තැන්පත් කළ සේක. ගල් සතරක් සතර පසින් සවි කළ සේක.

සාසනමාමක වූ දුටුගැමුණු නිරිඳාණෝ ස්වර්ණමාලි මහා චෛත්‍ය ගර්භය මතු දක්වන ආකාරයෙන් අලංකාර කරවන ලද්දාහු ය. එම ධාතු ගර්භය මධ්‍යයෙහි රනින් නිමවූ සුවිසල් බෝධි වෘක්ෂයක් කරවන ලද්දේ ය. ගර්භය මුදුනේ හිරු මඬල ද, සඳ මඬල ද, තාරකා පන්තීන් ද කරවන ලද්දේ ය. එම බෝධීන් වහන්සේ ගේ නැගෙනහිරින් ප‍්‍රභාෂ්වර වූ ස්වර්ණමය බුද්ධ ප‍්‍රතිමාවක් තැන්පත් කරවන ලද්දේ ය. ඒ පිළිම වහන්සේට සුදු සේසත් දරන්නා වූ මහබඹු ගේ රුව ද කරවන ලද්දේ ය. විජයුත්තරා නම් වූ ශංඛය අතැති සක් දෙවිඳුගේ රුව ද කරවන ලද්දේ ය. රන් වන් වීණාවක් ගත් අතින් යුතු පංචසිඛ නම් වූ දිව්‍ය ගාන්ධර්වයා ගේ රුව ද නාටිකාංගනාවන් සහිත වූ මහාකාල නම් නාගරාජයා ගේ රුව ද කරවන ලද්දේ ය. ඇතුපිට නැඟී සිටින අත්දහසක් ඇති වසවත් මරු බිම්බරක් සේනා සහිතව පලා යන රුව ද කරවන ලද්දේ ය.

සහම්පතී බ‍්‍රහ්මරාජයා ප‍්‍රථම ධර්ම දේශනාවට ඇරයුම් කරන රුව ද කරවන ලද්දේ ය. දම්සක් පැවතුම් සූත‍්‍ර දේශනාව වදාරන අයුරු ද කරවන ලද්දේ ය. යසකුල පුත‍්‍රයා ගේ උතුම් පැවිදි බව ද භද්දවග්ගිය කුමාරවරුන් ගේ උතුම් පැවිදි බව ද මෙම සසුනෙහි ප‍්‍රථම රහතන් වහන්සේලා ගේ රූපයන් ද කරවන ලද්දේ ය. බිම්බිසාර නිරිඳුන් තෙරුවන් සරණ යන අයුරු ද, වේළුවනාරාමය පිළිගන්නා අයුරු ද, රජගහ නුවරට වඩිනා අයුරු ද කරවන ලද්දේ ය. සැරියුත්, මුගලන්, මහා කස්සප, අනුරුද්ධ, මහාචුන්ද, මහාකච්චායන, සෝණ, කිම්බිල, භද්දිය, ආනන්ද ආදී අසූ මහ රහතන් වහන්සේලා ගේ රූපයෝ ද කරවන ලද්දාහු ය.

රුවන් සක්මන ද කරවන ලද්දේ ය. රාහුල කුමරුගේ හා නන්ද කුමරුගේ පැවිදි බව ද කරවන ලද්දේ ය. දෙව්රම් වෙහෙර පිළිගැනීම ද, ගන්ඩබ්බ වෘක්ෂ මූළයේ ප‍්‍රාතිහාර්ය පෑම ද, දෙව්ලොව වැඩම කිරීම ද, දේවාරෝහන ප‍්‍රාතිහාර්යය ද, මහා සමය සූත‍්‍ර දේශනාව ද, රාහුලෝවාද සූත‍්‍ර දේශනාව ද, මහා මංගල සූත‍්‍ර දේශනාව ද, ධනපාල සමාගමය ද, අංගුලිමාල දමනය ද, ආලවක දමනයද, අපලාල දමනය ද, බාවරී බ‍්‍රාහ්මණයා ගේ ශිෂ්‍යන් වන අජිත මෛත්ත්‍යෙ ආදී පිරිස් තථාගත ශ‍්‍රාවකත්වයට පැමිණෙන පාරායන සමාගමය ද කරවන ලද්දාහු ය.

එමෙන් ම ආයුසංස්කාරය අත් හැරීම, චුන්දකම්මාර පුත්තගේ අවසන් දන් පිළිගැනීම, පුක්කුස මල්ල රජදරුවන්ගේ වස්ත‍්‍ර පිළිගැනීම, ආනන්ද තෙරුන් වහන්සේ විසින් පැන් පිළිගැන්වීම සහ කුසිනාරා නුවර යමක සල් රුක් සෙවනේ උතුරු දෙසට හිසලා තනවන ලද යහනේ සැතපී පිරිණිවනට වඩිනා රුව ද කරවන ලද්දාහු ය. දෙවි මිනිසුන්ගේ විලාපය ද මහාකස්සප මහරහතන් වහන්සේ සම්බුදු සිරිපා වන්දනා කිරීම ද සඳුන් දර සෑයේ ගිණි ඇවිලීම ද, සල් මල් පිපී සුවඳ හැමීම ද, ද්‍රෝණ නම් බ‍්‍රාහ්මණයා විසින් ධාතු බෙදා දීම ද කරවන ලද්දේ ය.

එමෙන් ම වෙස්සන්තර ජාතකය ද තුසිත දෙව් ලොව සන්තුෂිත දෙව් කුමරු ලෙස වාසය කිරීම ද, මහාමාය දේවිය කුස පිළිසිඳ ගැනීම ද, බෝසත් උපත ද, යශෝදරා සමඟ වන විවාහ මංගල්‍යය ද, මහා අභිනිෂ්ක‍්‍රමණය ද, දුෂ්කරක‍්‍රියාව ද, සුජාතා සිටු දියණිය ගේ කිරිපිඬු පූජාව ද, මාර පරාජය ද කරවන ලද්දාහු ය. දෙව් ලොව වසන්නා වූ තිස් තුන් දිව්‍ය කුමරුවෝ ද, දෙතිසක් දිව්‍ය කුමරියෝ ද, අටවිසි යක් සෙනෙවියෝ ද, අනේක වූ දෙවි දේවතාවෝ ද කරවන ලද්දාහු ය. පුන් කලස් ඔසවා ගත් දෙවි දේවතාවෝ ද, තූර්ය වාදන කරන්නා වූ දෙවි දේවතාවෝ ද, සරසන ලද කැඩපත් අතින් ගත් දෙවි දේවතාවෝ ද, මාලා දාමයන් අතින් ගත් දෙවිදේවතාවෝ ද, ධජ පතාකයන් අතින් ඔසවා ගත් දෙවි දේවතාවෝ ද කරවන ලද්දාහු ය.

එමෙන්ම ගෞතම බුදු සසුන පවත්නා තාක් කල් දැල්වී දිලෙන්නා වූ සුවඳ තෙල් පිරි පහන් කරවන ලද්දේ ය. සුවඳ හමන සඳුන් තවරන ලද්දේ ය. චෛත්‍ය ගර්භය ආලෝකමත් වීම පිණිස එළිය දෙන මැණික් වර්ග ද ගොඩ ගසන ලද්දේ ය. මෙසේ සියලූ රූපයෝ ඝන රනින් ම කරන ලද්දාහු ය. අභිඥාලාභී මහාප‍්‍රාඥ වූ ඉන්ද්‍රගුප්ත මහ රහතන්වහන්සේ ගේ අධීක්ෂණය යටතේ චෛත්‍ය කර්මාන්තය මැනැවින් සම්පූර්ණ වූයේ ය. රජුන් ගේ රාජ ඍද්ධිය ද, දෙවියන්ගේ දේව ඍද්ධිය ද, රහතුන්ගේ ආර්ය ඍද්ධිය ද එකට කැටි වූ ස්වර්ණමාලී චෛත්‍ය රාජයානන් වහන්සේ ගේ ධාතු ගර්භය මෙලෙසින් පිහිටුවන ලද්දේ ය.

ධාතු තැන්පත් කිරීම

තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ මහා ස්ථූපය කරවන්නා වූ දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ මේ අයුරින් ධාතු ගර්භයේ කර්මාන්ත නිමා කරවා භික්ෂු සංඝයා වන්දනා කොට “පින්වත් ස්වාමීන් වහන්ස, මහත් ශ‍්‍රද්ධාවෙන් යුතු මා විසින් මහා සෑයෙහි ධාතු ගර්භයෙහි සියළු කර්මාන්තයෝ සම්පූර්ණ කරන ලද්දාහු ය. ඉතින් ස්වාමීනි සෙට දවසෙහි දී ධාතු නිධන් කරන්නෙමි. ඒ සඳහා ධාතුන් වහන්සේලා කෙසේ ලබන්නේ දැයි නුඹ වහන්සේලා දන්නා සේක්වා”යි දැනුම් දී සිටියේ ය.
එකල්හි භික්ෂු සංඝයා විසින් ධාතුන් වහන්සේලා ලබා ගැනීමට සුදුසු භික්ෂුව වශයෙන් ෂඞ් අභිඥාලාභී සෝණුත්තර නම් රහතන් වහන්සේ ගේ නම යෝජනා කරන ලද්දාහු ය. ඒ සොණුත්තර නම් රහතන් වහන්සේ ධාතුන් වහන්සේලා රැගෙන ඒමේ සුදුසුකම් ලැබුවේ කෙසේ ද යත් ඒ අතීත ප‍්‍රවෘත්තිය මේ අයුරින් දත යුත්තේ ය.

අපගේ ස්වාමී වූ ලෝකනාථ වූ ජිනේන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ ලෝවැස්සන් ගේ හිත සුව පිණිස දනව් සැරි සරා වඩින කල්හි ගංගා නදීතෙර වාසී වූ නන්දුත්තර නම් තරුණයෙක් බුදු රජුන් කෙරෙහි ප‍්‍රසන්න වූයේ ය. හෙතෙමේ නිරන්තරයෙන් බුද්ධ ප‍්‍රමුඛ මහා සංඝයා නිමන්ත‍්‍රණය කොට දන් වැළඳවන්නේ ය. ඉක්බිති ශාස්තෘන් වහන්සේ ප‍්‍රයාගප‍්‍රෂ්ඨාන නම් වූ ගංතොටින් සංඝයා සමඟ නැව් නැගි සේක. එසේ නැව් නැග ගංගා නදියේ වඩිනා සේක. එකල්හි මහා ඍද්ධිමත් භද්දජි නම් මහරහතන් වහන්සේ ගංගා නදියේ මැද ජලය කැළඹුන තැනක් දැක තමන් ගේ පෙර භවය සිහිකොට භික්ෂු සංඝයා හට මේ වචන පවසන ලද්දේ ය.

“පින්වත් ආයුෂ්මතුන් වහන්ස, මම් වනාහී එක්තරා යුගයක දී මහාපනාද නම් රජකෙනෙක්ව සිටියෙමි. එකල්හි මා විසින් වාසය කරන ලද විසිපස් යොදුන් රන් වන් ප‍්‍රාසාදය දැන් මේ ගඟ දිය තුළ ඇත්තේ ය. ඒ ප‍්‍රාසාදය කරා පැමිණෙන නදී ජලය ඝට්ඨනය වීම නිසා මෙතන්හි දිය පැකිළීම වන්නේ ය.” එකල්හි ඇතැම් භික්ෂූන් වහන්සේලා එය නොපිළිගෙන ශාස්තෘන් වහන්සේට සැල කළාහුය. එවිට සර්වඥයන් වහන්සේ “පින්වත් භික්ෂුව, දැන් ඔබ මේ සංඝයා ගේ සැකය දුරු කළ යුතු යැයි වදාළ කල්හි භද්දජි මහරහතන් වහන්සේ විසින් මෙබඳු ප‍්‍රාතිහාර්යයක් කරන ලද්දේ ය. එනම් උන්වහන්සේ අහසට පැන නැඟී සේක. අහස් තලයෙහි පළඟක් බැඳ වැඩසිටි සේක. අනතුරුව සියුම් අතක් දිගුකොට බඹ ලොව පිහිටි සළුමිණි සෑය තම අත මත තබාගෙන නැවත එය රැස්වූ ජනයාට ද, සංඝයාට ද දැක්වූ සේක. යළි එය බඹ ලොව තිබූ තැනම තැන්පත් කළ සේක. ඉක්බිති භද්දජි මහරහතන් වහන්සේ ගංගා නම් ගඟ දිය මත සක්මන් කොට මහපට ඇඟිල්ලෙන් ප‍්‍රාසාදයෙහි කොත් කැරැල්ල පටලවාගෙන එය ජලයෙන් ඔසවා උඩට මතුකොට නැවතත් ඉතා සෙමින් ජලයේ බැස්සවූ සේක.

මෙම ප‍්‍රාතිහාර්යය දුටු නන්දුත්තර නම් තරුණයා අතිශයින් ම පුදුමයට පත් වී “අහෝ! රහතුන් වහන්සේලාගේ ගුණ ආශ්චර්යයි. මාගේ ශාස්තෘන් වහන්සේ ගේ ගුණය අතිශයින්ම ආශ්චර්යයි. මට ද මා කරන ලද්දා වූ මේ පුණ්‍යාණුභාවයෙන් මෙවැනි ආකාරයෙන් ඍද්ධියෙන් යුතුව ධාතුන් වහන්සේලා ගෙන ඒමට හැකියාව ලැබේවා” යැයි දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තේ ය. ඒ නන්දුත්තර තරුණයා ලංකාද්වීපයේ උපත ලබා සෝණුත්තර නමින් පැවිදිව උපසම්පදාවෙන් සොළොස් වසක් ඇත්තේ වී නමුත් උන්වහන්සේට ධාතුන් වහන්සේලා රැගෙන ඒමේ පින ඇති බව සංඝයා වහන්සේ දැන ගත් සේක. සංඝයා වහන්සේ “ආයුෂ්මත් සෝණුත්තරය, ස්වර්ණමාලී මහාසෑයේ නිදන් කිරීම පිණිස ධාතුන් වහන්සේලා රැගෙන එනු මැනැව” යි වදාළ කල්හි “ස්වාමීනී, මම ධාතුන් වහන්සේලා කොයින් රැගෙන එම්ද විචාරණ ලද්දේ ය. එවිට භික්ෂු සංඝයා වහන්සේ මෙසේ වදාළ සේක. “ආයුෂ්මත් සෝණුත්තරය, පිරිනිවන් මංචකයේ සැතපී වැඩහුන්නා වූ අපගේ ශාස්තෘ වූ ලෝකනාථ සර්වඥරාජෝත්තමයන් වහන්සේ ලෝසතුන් ගේ යහපත උදෙසා සක්දෙව් රජාණන් හට මෙසේ වදාරණ සේක. “පින්වත් දේවේන්ද්‍රය, පිරිණිවන් පෑමෙන් පසු තථාගත ශරීරයෙහි ධාතුන් වහන්සේලා ද්‍රෝණ අටක් ඉතිරි වන්නේ ය. එයින් එක් ද්‍රෝණයක් රාම ග‍්‍රාමයෙහි කෝලිය රජුන් විසින් සත්කාර කරනු ලබන්නේ ය. එය නාලොවට ලැබෙන්නේ ය. නාරජවරුන් විසින් පුදනු ලබන්නේ ය. ඉක්බිති තථාගතයන් වහන්සේ උදෙසා ලංකාද්වීපයේ කරවනු ලබන්නා වූ මහාස්ථූපයෙහි නිධානය පිණිස වන්නේ ය.”

මේ කාරණාව දන්නා වූ මහා කස්සප මහරහතන් වහන්සේ ධර්මාශෝක නිරිඳුන් විසින් ධාතුන් වහන්සේලා විසිරුවා දඹදිව් තලය පුරා චෛත්‍යයන් කරවන බව දැන රජගහ නුවර නගරාසන්නයේ අජාසත් මහනිරිඳුන් විසින් කරවන ලද ස්ථූපයට ද්‍රෝණ සතක් පමණක් තැන්පත් කරවූ සේක. රාමග‍්‍රාමයෙහි ද්‍රෝණයක් වූ ධාතුන් වහන්සේලා නොගත් සේක. ධර්මාශෝක අධිරාජ්‍ය තෙමේ ධාතුන් වහන්සේලා නිධන්කොට අසූ දහසක් ස්ථූප කරවන්නේ අට වැනි ද්‍රෝණයද ගෙන්වන්නට අදහස් කළේ ය. එකල්හි රහතන් වහන්සේලා ශ‍්‍රී ලංකාද්වීපයෙහි පිහිටුවන මහාසෑය පිණිස ඒ ධාතුන් වහන්සේලා වෙන් කරන ලද්දේ යැයි පවසා ධර්මාශෝක නරේන්ද්‍රයන් වැළැක්වූ සේක.

රාමග‍්‍රාමයෙහි වූ ස්ථූපය වනාහී නදී තීරයෙහි කරවන ලද්දේ ය. එකල්හි ගංගා නදියෙහි සැඩ දිය පහරින් ක‍්‍රමක‍්‍රමයෙන් බිඳී ගිය ගං තෙරෙන් ස්ථූපය දෙකඩ වී ගිය කල්හි ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරන ලද කරඬුව ගංගා නදියට වැටුනේ ය. එය ක‍්‍රමක‍්‍රමයෙන් මහාසමුද්‍රයට ඇදී ගියේ ය. එකල්හි නා රජවරු එම කරඬුව දැක මහත් චිත්තප‍්‍රමෝදයෙන් යුතුව නම් මංජේරික නම් නාග භවනට ගෙන ගියාහු ය. ඉකිබිති මහාකාල නම් නාග රාජයා හට මෙය දැනුම් දුන්නාහු ය. එය ඇසූ මහාකාල නාරජ තෙමේ ලක්ෂ ගණනින් නාගයන් පිරිවරන ලද්දේ අතිශයින් අලංකාර මණ්ඩපයක තැන්පත් කොට පුදනු ලබන්නේ ස්වකීය නාගභවනට වඩමවා ගන්නා ලද්දේ ය. ඉක්බිති නාරජ තෙමේ එම ධාතුන් වහන්සේලා උදෙසා මාණික්‍යමය ස්ථූපයක් කරවූයේ ය. නිරතුරුවම රැකවල් කරන ලද්දේ ය. එහෙයින් ආයුෂ්මත් සෝණුත්තරයනි එහි ගොස් ඒ ධාතුන් වහන්සේලා වැඩමවා එන මැනැව. හෙට දවසේ මහරජාණෝ ධාතු නිධානය කරවන්නාහු ය.”යි සංඝයා විසින් වදාරණ ලද්දේ ය.

දුටුගැමුණු නරනිඳු තෙමේ ධාතු නිධානය පිණිස සියළු කෘත්‍යයන් විධාන කොට විහාර මාර්ගය අලංකාර ලෙස සරසා අනුරාධපුර නගරය දෙව් විමනක් මෙන් සරසා ධාතු පූජාවට සූදානම් වූයේ ය. ශක‍්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්ව කර්ම දිව්‍ය පුත‍්‍රයා කැදවා සකල ලංකාද්වීපයම අනේකාකාරයෙන් සැරසවූයේ ය. නරේන්ද්‍ර තෙමේ ස්වර්ණාභරණයෙන් සැරසී ඇත් අස් රථ පාබල යන සිව්රඟ සේනාවන්ගෙන් සමන්විත වී නාටිකාංගනාවන් ගේ උපහාරයන් මැද ඉදිරියට යන්නේ ය. සෛන්ධව නම් වූ සුදු අශ්වයන් බඳනා ලද සරසන ලද්දා වූ රථයට නැඟුණු කණ්ඩුල හස්තිරාජයා සර්වාභරණයෙන් විභූෂිතව රන් කරඬුව කුම්භස්තලය මත තබා සේසත යට සිටියේ ය. එම රථය පිරිවරා ගත් දහස් ගනන් ස්තී‍්‍ර පුරුෂයෝ නොයෙක් මල් ද, නොයෙක් ආලෝකයන් ද දරා සිටියාහු ය. මහා මේඝ වනෝද්‍යානය සක්දෙව් රජුගේ නන්දන උයන මෙන් ඒකශී‍්‍රයෙන් විරාජමාන වන්නට පටන් ගත්තේ ය. ධාතු පූජා පිණිස නින්නාදවන තූර්ය නාදයෙන් ද කන්කළු බුදු ගුණ ගායනාවෙන් ද අනුරපුර නගරය ගිගුම් දුන්නේ ය.

නගරයේ පවත්නා මහා තූර්ය නාදය අසා සෝණුත්තර රහතන් වහන්සේ ඍද්ධි බලයෙන් පොළොවේ කිමිඳී මහාකාල නාගරාජයා ගේ නාග භවනයෙහි නාරජු ඉදිරියෙහි පහළ වූ සේක. නා රජ තෙමේ හුනස්නෙන් නැගී සිට සත්කාරකරන්නේ පැමිණි කරුණ විමසා සිටියේ ය. එකල්හි රහතන් වහන්සේ භික්ෂු මහා සංඝයාගේ සන්දේශය පවසන්නේ “පින්වත් නාග රාජයානෙනි, අපගේ ශාස්තෘන් වහ්නසේ වන සම්‍යක් සම්බුද්ධ සර්වඥයන් වහන්සේ විසින් ලංකාද්වීපයෙහි ඉදිකෙරෙන මහා ස්ථූපයෙහි නිධන් කිරීම පිණිස වදාරණ ලද ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දැන් ඔබ ලඟ ඇත්තාහු ය. ඒ ධාතූන් වහන්සේලා මාහට දෙනු මැනැව. එය රැගෙන යනු පිණිස මම පැමිණියෙමි”වදාළ සේක.

ආගන්තුක ශ‍්‍රමණයන් වහන්සේ ගේ බස් ඇසීමෙන් මහාකාල නාරජ තෙමේ මහත් දොම්නසට පැමිණියේ ය. මෙම ශ‍්‍රමණයන් වහන්සේ ධාතූන් වහන්සේලා කෙසේ හෝ ගන්නට පොහොසත් වන්නේ ය. එබැවින් හැකිතාක් ඉක්මනින් එම ධාතූන් වහන්සේලා වැඩ සිටිනා තැනින් අන්‍ය වූ ස්ථානයක සැඟවිය යුත්තේ යැයි තම සමීපයෙහි සිටි බෑණනුවන් වන වාසුලදත්ත නම් නාගරාජයා හට ඉඟියකින් සංඥා කළේය. එකල්හි වාසුල දත්ත නම් නාරජතෙමේ මහාකාල නාරජුගේ අදහස දැන සැනෙකින් ධාතු මන්දිරයට පිවිසියේ ය. ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඇති කරඬුව ගිල්ලේ ය. මහා මේරු පර්වත පාදයට ගොස් දරන ලා සයනය කළේ ය. එවිට ඒ නාග රාජයාගේ ශරීරය යොදුන් තුන්සීයක් දික්ව ගියේ ය. දරනය යොදුනක් තරම් වූයේ ය. දහස් ගනනින් යුතු විශාල පෙනයක් මවාගෙන සයනය කරන්නාහුය. නාරජුගේ මුඛයෙන් විටින් විට ගිනි දැල් පිට වන්නේය. දුම් දමන්නේ ය. එකල්හි බොහෝ දෙවියෝද නාගයෝද අද තථාගත ශ‍්‍රාවක වූ ශ‍්‍රමණ නාගයෙකුගේ ද දිව්‍ය නාගයෙකුගේ ද සංග‍්‍රාමයක් දැකිය හැකි වන්නේ යැයි කියා රැස් වූවාහු ය.

එකල්හි මහාකාල නා රජතෙමේ තම බෑණනුවන් විසින් ඒ ධාතුන් සඟවන ලද බව දැන “අනේ ස්වාමීනී, ඔබ වහන්සේ සොයන ධාතූන් වහන්සේලා මා සන්තකයේ නැතැයි” පවසා සිටියේ ය. මහරහතන් වහන්සේ ඒ ධාතූන් වහන්සේලා දෙනු මැනැවයි යළි යළිත් පවසන කල්හි ඒ නාරජ තෙමේ රහතන් වහන්සේව ධාතු මන්දිරයට ගෙන ගොස් මාණික්‍යමය චෛත්‍ය පිහිටි භූමිය වර්ණනා කළේ ය. “පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඇස් විදහා බලා වදාළ මැනව. නොයෙක් මාණික්‍යයන්ගෙන් ශෝභමාන වූ මේ චේතියඝරය ද මේ අවට සැරසිලි ද මැනැවින් බලනු මැනව. සකල ලංකාද්වීපයෙහි ඇති සියළු මුතු මැණික් එක් රැස් කළ ද මෙහි ඇති සඳකඩ පහණ තරම් වත් නොවටින්නේ ය. අන්‍ය වස්තූන් ගේ වටිනාකම ගැන කවර කතා ද? එහෙයින් පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, දැන් මේ නුඹ වහන්සේ කරන්නට යන්නේ මහා පුද සත්කාර පවතින්නා වූ තැනින් සර්වඥ ධාතූන් වහන්සේලා බැහැර කොට අල්ප සත්කාර පවතින්නා වූ තැනකට ගෙන යාම නොවේ ද? මෙය නම් අකටයුත්තකි” යි පවසා සිටියේ ය.

එවිට සෝණුත්තර නම් රහතන් වහන්සේ නාරජ හට මෙසේ පිළිතුරු වදාරන්නාහු. “පින්වත් නාගරාජය, තොපගේ මේ ධාතු මන්දිරයෙහි ඇති මුක්තා මාණික්‍ය හිරණ්‍ය ස්වර්ණාදියෙහි වටිනාකම පමණ කළ නොහැක්කේ ම ය. පින්වත් නාගරාජය, එය මම් දනිමි. එහෙත් තොප හට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ නොහැක්කේම ය. එම නිසා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ ඇත්තාවූ ස්ථානයට ම ධාතුන් වහන්සේලා ගෙන යෑම යුතු වන්නේම ය. තථාගතයන් වහන්සේලා ලොවට පහළ වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවා දෙව් මිනිස් ලෝසතුන් සසර දුකින් එතෙර කරවීම පිණිසම ය. එය වනාහී සර්වඥයන් වහන්සේගේ ඒකායන පැතුම යි. එම කාරණය කරණ කොට ගෙන මම ධාතූන් වහන්සේලා ගෙනයන්නට පැමිණියෙමි. දුටුගැමුණු අභය මහාරජාණන් අද ධාතු නිධානය කරන හෙයින් ප‍්‍රමාද නොකොට මා හට ධාතූන් වහන්සේලා දුන මැනව”යි වදාළ සේක. රහතන් වහන්සේ ගේ ඒ බසට පිළිතුරු දෙන මහා කාල නාරජුන් “පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, මා ලඟ ධාතූන් වහන්සේලා නැත්තේ ය. ධාතූන් වහන්සේලා වැඩ සිටින තැනක් ඔබ වහන්සේ දනනාහු නම් ගෙන යනු මැනව” යි කියා සිටියේ ය.

එකල්හි මහා ප‍්‍රාඥ වූ සෝණුත්තර රහතන් වහන්සේ එම වචනය නාරජු ලවා තුන් වරක්ම කියවාගෙන එහිම වැඩහුන් සේක් ඒ ක්ෂණයෙහිම ඉතා සියුම් අතක් මවා මහාමේරූ පර්වතප‍්‍රාන්තයෙහි දුම් දමමින් නිදා සිටි වාසුලදත්ත නාරජුගේ මුඛයට ඒ අත ඇතුලූ කොට කුස තුල තිබූ ධාතු කරඬුව ගෙන නාගය සිටිනු මැනැවැයි කියා පොළොවෙහි කිමිඳ ගොස් සංඝයා මධ්‍යයෙහි උඩට මතු වී නැගී සිටි සේක. මෙය නොදත් මහාකාල නාරජු අප විසින් මෙම ශ‍්‍රමණයා රවටන ලදුව හිස් අතින් ම ගියේවනැයි සිතා ධාතූන් වහන්සේලා රැගෙන එනු පිණිස වාසුල දත්ත නාරජුන් හට දැනුම් දුන්නේය. එවිට වාසුලදත්ත නාරජ තෙමේ තම කුසේ කරඬුව නොදැක හඬමින් වැළපෙමින් අවුත් තම මාමණ්ඩිය වූ මහාකාළ නාරජුට පවසා සිටියේ ය. නා රජ තෙම් ද ශ‍්‍රමණයෙකු විසින් අපි රවටන ලද්දමෝ යැයි හඬන්නට වූයේ ය. සියළු නාගයෝ රැස්ව එක් වන් හඬින් ශබ්ද නගා සෝක කරන්නට වූහ.

මෙය බලා සිටි දෙවියෝ භික්ෂු ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ජයග‍්‍රහණයෙන් සතුටට පත්ව ධාතු පූජාවට සැරසී මහා සෑ බිමට රැස් වූවාහු ය. ධාතූන් වහන්සේලා අහිමි වූ ශෝකයෙන් භරිත නාගයෝ භික්ෂු සංඝයා ඉදිරියට පැමිණ හඬන්නට වන්හ. ඔවුන් හට අනුකම්පා කර සංඝ තෙමේ ධාතූන් ස්වල්පයක් ලබා දුන්නේ ය. මහත් සතුටට පත් නාරජවරු බුදු ගුණ කිය කියා ස්ථූප පූජාවට එක් වූවාහු ය.

ශක‍්‍ර දේවේන්ද්‍ර තෙමේ ධාතු කරඬුව තැන්පත් කිරීමට ස්වර්ණමය කරඬුවක් ද මැණික් පළඟක් ද රැගෙන ආවේ ය. සෝණුත්තර රහතන් වහන්සේ අතින් ධාතු කරඬුව ගෙන විශ්වකර්ම දිව්‍ය පුත‍්‍රයා රන් කරඬුවේ එය බහා මැණික් පළඟෙහි තැබුවේය. මහා බ‍්‍රහ්මරාජයා සුදු සේසතක් එයට ඉහළින් දරා සිටියේ ය. සුයාම නම් දිව්‍ය පුත‍්‍රයා මැණික් තල්වැට දරා සිටියේ ය. ශක‍්‍ර දේවේන්ද්‍රයා සුවද පැන් පිරවූ විජයුත්තර නම් ශංඛය දරා සිටියේ ය. සතර වරම් දෙවි රජ මහ දරුවෝ රන් වන් කඩු අතැතිව සිටගෙන සිටියාහු ය. අනේක දිව්‍ය දිව්‍යාංගනාවෝ මාලාදාමයෙන් සුසැදි අත් ඇතිව ධාතු පූජා කරන්නට සිට ගත්තාහු ය. අටවිසි යක් සෙනෙවියෝ හාත්පස රැකවල්ලා සිටියාහුය. පංචසිඛ නම් දිව්‍ය පුත‍්‍රයාණෝ වීණා වාදනය කරමින් මිහිරි නද එක් කළාහු ය. තිම්බරු නම් දිව්‍ය පුත‍්‍රයා දිව්‍ය තූර්ය නාදයන් පවත්වමින් සිටියේ ය. මහාකාල නාරජ තෙමේ දෙවියන් හා එක්ව ස්තුති ගීතිකා පැවැත්වුහාහුය. දේවතාවෝ සුවඳ මල්, සුවඳ දිය වැසි වස්සවන්නට පටන් ගත්හ.

එකල්හි මාරයාගෙන් සිදුවන බාධා මැඬලීම පිණිස මහා ඍද්ධිමත් ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ සක්වලටම සෙවන සැලසිය හැකි මහත් ලෝහමය ඡත‍්‍රයක් මැවූ සේක. ධාතූන් වහන්සේලා ඉදිරියේ පස් තැනක වැඩ හුන් භික්ෂූන් වහන්සේලා සූත‍්‍ර සජ්ඣායනා කළ සේක. අතිශයින් ම සතුටින් යුතු දුටුගැමුණු නරේන්ද්‍ර රජතෙමේ තමන් හිස මත දරා ගෙන පැමිණි රන්කරඬුව ආසනයෙහි පිහිටුවා ධාතු පූජා කොට වැඳ වැටුනේ ය. ඒ මොහොතේ රජතෙමේ මෙසේ පවසා සිටියේ ය. “පින්වත් ස්වාමීන් වහන්ස, මාගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුඑරජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට ධාතූ පූජාව කරන්නා වූ මේ මහා පින්කමේ දී ස්වාමීනී සර්වඥධාතූන් වහන්සේලාට පුද කරන්නට මේ අහසේ ලෙළ දෙන දිව්‍යමය ඡත‍්‍රයන් මට පෙනෙන්නේ ය. දිව්‍යමය පුෂ්පයන් මට පෙනෙන්නේ ය. දිව්‍යම ය සුගන්ධයන් හාත්පස විහිදෙන්නේ ය. දිව්‍යමය තූර්ය නාදය අවට සිසාරා යන්නේ ය. එහෙත් ඒවා දරා සිටින්නාවූ දෙවියන් බ‍්‍රහ්මයන් ඔබ වහන්සේලාට නම් දැකිය හැකි වන්නේ ය. පින්වත් ස්වාමීන් වහන්ස, මෙසේ දිව්‍යමය වූ ඡත‍්‍රය ද මානුෂික ඡත‍්‍රය ද විමුක්ති ඡත‍්‍රය ද යන ත‍්‍රීඡත‍්‍රය දරා වැඩ සිටින්නා වූ ලෝකනාථයන් වහන්සේ වන තථාගත අර්හත් සම්මා සම්බුදු වූ ශාස්තෘන් වහන්සේ උදෙසා මාගේ ලංකාරාජ්‍ය මම පූජා කරන්නෙමි.” කියා සතුටු සිතින් යුතුව තුන් වතාවක් ම ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා ඉදිරියේ ගෞතම බුදු සසුන උදෙසා ලංකාරාජ්‍යය පූජා කළේ ය.

අනතුරුව දෙව්මිනිස් පිරිවරා ගත් රජතුමා ධාතු පූජා පවත්වමින් යලිත් ධාතු කරඬුව හිසින් ගෙන භික්ෂු සංඝයා සමඟ මහා සෑය ප‍්‍රදක්ෂිනා කරන්නේ නැගෙනහිර දිශාවෙන් ධාතු ගර්භයට බැස්සේ ය. ලක්ෂ ගණන් රහතන් වහන්සේලා බුදු ගුණ කියමින් දෑත් බැඳ වන්දනා කරමින් ස්ථූපය හාත්පස වැඩ සිටි සේක. ධාතු ගර්භයට බැස පී‍්‍රතියෙන් පිනා ගිය නරේන්ද්‍ර තෙමේ එහි තැන්පත් කරන ලද යහනෙහි තැන්පත් කරන්නෙමි යි සිතූ කල්හි ඍද්ධි බලයෙන් ධාතු කරඬුව අහස් කුසට පැන නැංගේ ය.

ඉක්බිති ධාතු කරඬුව ඍද්ධි බලයෙන් විවෘත විය. ධාතූන් වහන්සේලා එළියට වැඩම කළ සේක. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සෝභමාන වූ පරම සුන්දර වූ බුදුරජාණන් වහන්සේ ගේ ශී‍්‍ර ශරීරය ජීවමාන ආකාරයෙන් පෙනෙන්නට පටන් ගත්තේ ය. ගන්ඩබ්බ වෘක්ෂ මූලයේ දී දක්වන ලද්දා වූ යමක මහා ප‍්‍රාතිහාර්ය පරිද්දෙන් අපගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ අධිෂ්ඨානය පරිදි ඒ ධාතුන්ගෙන් නිර්මිත ශ‍්‍රී සම්බුද්ධ ශරීරයෙන් එක මොහොතේම සියුම් ගිණි දැල් ද, සියුම් ජලධාරා ද නික්මෙන්නට පටන් ගත්තාහු ය.

මේ විස්මයජනක ප‍්‍රාතිහාර්ය දර්ශනයෙන් ප‍්‍රසන්නව එකඟ වූ සිත් ඇති කෝටි ගණන් දිව්‍ය මනුෂ්‍යයෝ මාර්ගපලප්ප‍්‍රාප්ත වූවාහුය. ඉන් පසු ඒ ධාතූන් වහන්සේලා බුද්ධ වේශය අත්හැර කරඬුවේ පිහිටි සේක. කරඬුව එයින් පහළට බැස රජුගේ සිරසෙහි පිහිටියේ ය. නරේන්ද්‍ර තෙමේ ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂූන් සමඟ එක්ව නාටිකාංගනාවන්ගේ පූජෝපහාරයන් මැද එම ධතු කරඬුව යහන මත තබා රන් පළඟේ තැන්පත් කොට සුවඳ දියෙන් දෑත් සෝදා යළි කරඬුව විවෘත කළේය. ඒ ධාතූන් වහන්සේලා මත තම දෑත තැබුවේ ය.

එකල්හි දුටුගැමුණු රජතුමා මේ අයුරින් අධිෂ්ඨානයක් කළේ ය. ඒකාන්තයෙන්ම මෙම ධාතූන් වහන්සේලා ඒ සර්වඥයන් වහන්සේ ගේ ම ශාරීරික කොටස් වන සේක. ඒකාන්තයෙන් ම මේ ධාතූන් වහන්සේලා ලෝක සත්වයාගේ හිත සුව පිණිස වැඩ සිටිනා සේක. එහෙයින් මේ ධාතූන් වහන්සේලා මේ මහාර්ඝ වූ සයනය මත සර්වඥයන් වහන්සේ පිරිණිවන් පා වදාළ දිනයෙහි සැතපී සිටි පරිද්දෙන් වැඩ සිටිනා සේක්වා යැයි කියා යහන මත ධාතූන් වහන්සේලා තැන්පත් කළේ ය. පිරිණිවන් පා වදාරණ ලද භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ සැතපෙන ඉරියව්වේ හැඩයට ධාතූන් වහන්සේලා ඍද්ධි බලයෙන් තැන්පත් වූ සේක. මහා පෘථිවිතොමෝ කම්පා වී ගියා ය. අනේකවිධ වූ අද්භූතජනක ප‍්‍රාතිහාර්යෝ හාත්පසින් දිස්වූවාහු ය.
පහන් සිතැති රජතෙමේ රාජ සේසතින් ද ධාතූන් වහන්සේලා හට පූජා පැවැත්වූයේ ය. ලංකාරාජ්‍යයෙන් සත් දවසක් පූජා පැවැත්වූයේ ය. රජුන්ගේ සියළු රාජාභරණ ධාතූන් වහන්සේලාට පිදුවේ ය. අමාත්‍ය වරුද, නාටිකාංගනාවෝ ද, පිරිවර ජනයා ද, දේවතාවෝ ද තම ආභරණයන්ගෙන් ධාතූන් වහන්සේලාට පූජා පැවැත්වූවාහු ය. භික්ෂූන් වහන්සේලා රැය පහන් වන තුරු සූත‍්‍ර සජ්ඣායනා කරමින් වැඩ සිටියාහු ය. සියළු ජනතාවට ම සත්දින මුළුල්ලේ ධාතු පූජා කරන්නට නුවර පුරා අඬ බෙර ඇස්සවූයේ ය. ලංකාද්වීපවාසීහු මනුෂ්‍යන් අතරින් යමෙක් සර්වඥයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා දැක බලා වන්දනා කරන්නට කැමැත්තාහු නම් ඔව්හු වහා අවුත් ධාතූන් වහන්සේලා දැන වන්දනා කරත්වායැයි විධාන කරන ලද්දේ ය.

සත්දවසක් පුරා කරන ලද ධාතූ පූජාවෙන් සහ ඒ සඳහා වැඩම කොට වදාළ සංඝයා උදෙසා කරන ලද සංඝෝපස්ථානයෙන් ප‍්‍රමුදිත වූ දුටුගැමුණු මහරජතුමා භික්ෂු සංඝයා වෙත පැමිණ සාදරයෙන් වන්දනා කොට මෙසේ පවසා සිටියේ ය. “පින්වත් ස්වාමීන් වහන්ස, මා විසින් ධාතු ගර්භයෙහි සියළු කටයුතු සම්පූර්ණ කරන ලද්දේ ය. ධාතු ගර්භය වැසීම පිණිස නුඹ වහන්සේලා දැන් කටයුතු කරන සේක්වා! ”

එකල්හි ඍද්ධිමත් සාමණේරයන් වහන්සේලා දෙනමක් විසින් උතුරුකුරු දිවයිනෙන් ගෙනෙන ලද මේඝවර්ණ පාෂාණයන්ගෙන් එම ධාතු ගර්භය වසන ලද්දේ ය. ඒ මොහොතේ එහි වැඩ සිටි ලක්ෂ සංඛ්‍යාත රහතන්වහන්සේලා මෙම අධිෂ්ඨානය කළ සේක. “අපගේ ශාස්තෘන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා උදෙසා පූජා කරන ලද මෙම සුගන්ධ පුෂ්පයෝ නො මැලවෙත්වා! මෙම සුවඳ මැටි නොවේලෙත්වා! හාත්පස ආලෝකවත් කරන්නා වූ මෙම ප‍්‍රදීපයෝ නොනිවෙත්වා! මෙහි පූජා භාණ්ඩයෝ ඒ අයුරින් පවතින්වා! මෙම මේඝවර්ණ පාෂාණයෝ එකිනෙකට සිදුරු නැතිව මැනැවින් ගැලපෙත්වා!” මෙම අධිෂ්ඨානය කොට අවසන් වනවාත් සමඟ ලංකාද්වීපය නම් වූ මාතාව ගේ හදවත වන් ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේගේ ධාතු පූජෝත්සවය නිමාවට පත් වූයේ ය.

(මහාවංශය ඇසුරෙනි.)
– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

මුත‍්‍රා ගල් දිය කරන, රුධිරය පිරිසිදු කරන තිබ්බටු ගැන ඔබ නොදන්නා මේ ඖෂධිය ගුණ දැනගන්න

මුත‍්‍රා ගල් දිය කරන, රුධිරය පිරිසිදු කරන තිබ්බටු ගැන ඔබ නොදන්නා මේ ඖෂධිය ගුණ දැනගන්න


යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය චමරි වෛද්‍යරත්න
සමඟ පමණක් බත් අනුභව කළ හැකිය. වියළි කලාපයේ හේන්වල ඉතා සරුවට වැවෙන තිබ්බටු හේනකදීම හේන් බතක් සමඟ ආහාරයට ගැනීමට මටද අවස්ථාවක් ලැබුණි.  ඔවුන්ගෙන් මෙම තිබ්බටු මාළුව සකසා ගන්නා ආකාරය දැනගත් පසු වැටහුණේ මෙම හේන් හොද්දේ සියලූ ආකාර රස ගුණ තිබූ බවය. එම තිබ්බටු මාළුව සකසා තිබුණේ මේ ආකාරයෙනි.

 තිබ්බටු කහ ලූණු මිශ‍්‍රකර තම්බාගෙන තිබුණේ හාල්මැස්සන් අහුරක්ද  දමාය. හොඳින් තැම්බුණ පසු එය වෙන භාජනයකට අස්කර එයට පොල් තෙල් ටිකක් දමා රත්කර රතුඵෑණු කොච්චි හා කොච්චි කොළද පොල් සමඟ මිශ‍්‍ර කර පොල් වතුර දමා හොඳින් පොඩි කර තිබුණි. තුනපහ ස්වල්පයක්ද දමා කලින් තම්බා ගත් තිබ්බටු හා හාල්මැස්සන් මිශ‍්‍රණය සමඟ නැවත ලිප තබා හැන්දෙන් පොඩි කර තිබුණි. මෙය මා ජීවිතයේ ගත් ආහාර අතර අමතක නොවන ආහාරයක් වූ බව වසර 20කටත් වඩා ගතවී තිබුණද මගේ මතකයෙන් ඈත්වී නැත.

   අපගේ මාතෘකාව වන තිබ්බටු කන්ඨකාරිකුලය  යන solanaceae ටය. තිබ්බටු ගසේ උද්භිද විද්‍යාත්මක නාමය Solanum Indicum  Linn යනුවෙනි. මෙම ගසේ ගෙඩි වලින් ව්‍යංජන සකසන අතර ගසේ පංචාංගයම ඖෂධ පිණිස භාවිතා කරයි. අඩි 4ක් 5ක් පමණ උසට වැවෙන තිබ්බටු ගස නිල් මල් පිපෙන වර්ගය හා සුදුමල් පිපෙන වර්ගය ලෙස දෙවදෑරුම්ය. සුදුමල් වර්ගයේ ගෙඩි තරමක් විශාලය. වාතය හා සෙම සමනය කරන ගුණ පිරි නිසා සෙම් කුපිත වූ විට හා වාතය සමනයට යොදා ගනී.

ආහාර පරිපාචන ක‍්‍රියාවලිය හොඳින් සිදුකිරීමට සමත් තිබ්බටු ආහාරයට ගැනීමෙන් පණුවන් නැසේ. ආහාර රුචිය ඇතිකරයි. එම නිසා බඩගිනි අඩු අයටද, ආහාර රැචිය අඩු අයටද, ග‍්‍රහණී රෝග ඇති විටද, උදර වේදනාව ඇතිවිටද සුදුසුය. හෘදය වස්තුව උත්තේජනය කරන ගුණය ඇත. රුධිරය පිරිසුදු කරන ගුණය ද ඇති අතර තිබ්බටු ශාකයේ පංචාංගය සිරුරේ ඉදිමුම නැති කරයි.
නරක්වූ කුපිත වූ සෙම ඉවත් කිරීමේ ගුණය ඇති අතර ස්වාස රෝග අවස්ථා වලදී හුස්ම ගැනීම පහසු කරවයි. කැස්ස ප‍්‍රතිශ්‍යාව, ස්වර භේද හෙවත් උගුර බැරැන්ඩිය ඇතිවිටද හික්කා රෝගින්ටද ආහාර පිණිස ගැනිම සුදුසුය.

මුත‍්‍රා ගල් දිය කිරීමද තිබ්බටු වලට හැකියාව ඇත. තිබ්බටු ඇටවල ගර්භාෂය සංකෝචනය කරන ගුණය ඇත. එමනිසා ඔසප් ශ‍්‍රාවය අඩු අයට ඔසප් සමයේ ආහාරයට සුදුසු අතර දරුවන් ලැබූ මුල් කාලයේ (සූතිකා සමයේ) ගැනීම සුදුසුය. එහෙත් රුධිරය පිටවීම වැඩි අයට අහාර පිණිස නොගත යුතුය. යෝනි මාර්ගයේ කැසීම් ඇති විට අමු කහ සමඟ අඹරා ගෑමෙන් කැසීම සුවවෙයි. වාජීකරණ ගුණය ඇති නිසා තරුණ වියේ සිට නිතර ආහාරයට ගැනීමෙන් කාම ශක්තිය වැඩි වෙයි.

ඇට චූර්ණය නස්‍ය කිරීමට වෛද්‍යවරු භාවිතා කරයි. කාමලා රෝගයටද, ග‍්‍රහණි හා මාන්දම් රෝග වලදී ද , නේත‍්‍රා රෝගවලදී ද භාවිතා කරන තිබ්බටු කායම,තිබ්බටු ගෙඩි ඉස්ම, අමුකහ ඉස්ම, අමු ඉඟුරු ඉස්ම, කිතුල් හකුරු, කිතුල්පැණි හා මිශ‍්‍රකර නැවුම් වළඳක දමා ගිනි රස්නය වැදෙන සේ ලිප ළඟ තබා වරකට කෝප්ප කාලක් ගැනීමට නියම කොට ඇත.
මේ ආදී ඖෂධමය හා ආහාරමය ගුණ පිරි තිබ්බටු ග‍්‍රෑම් 250ක මිල ගැන 

බැලීමේදී පවා වගාකිරීමෙන් ආර්ථිකමය වටිනාකමක්ද වැඩි ශාකයකි.

Tuesday, December 27, 2016

කුරුලෑ වදයට විසඳුම දෙන නිවසේදීම පිළියෙළ කරගත හැකි පහසු ප්‍රතිකර්ම 7ක්

කුරුලෑ වදයට විසඳුම දෙන නිවසේදීම පිළියෙළ කරගත හැකි පහසු ප්‍රතිකර්ම 7ක්











ඔහු ඔබට ඇත්තටම ආදරේ නම් මේ දේවල් 5 කැමැත්තෙන්ම කරනවා

ඔහු ඔබට ඇත්තටම ආදරේ නම් මේ දේවල් 5 කැමැත්තෙන්ම කරනවා












දිනකට රටඉදි තුනක් ඔබත් ආහාරයට ගන්න පුරුදුවෙන්න ඒ ඇයි කියලා ඔබ ඇසුවොත් පුදුමවෙවීග

දිනකට රටඉදි තුනක් ඔබත් ආහාරයට ගන්න පුරුදුවෙන්න ඒ ඇයි කියලා ඔබ ඇසුවොත් පුදුමවෙවී

රටඉදි ලෝකයේ විවිධ රටවල බහුලව ආහාරයට ගනු ලබන අතර එය බොහෝ ආසියාතිකයන්ගේ ආහාරවේල් වල අංගයක් බවට පත්වී තිබේග එය වියලි අවස්ථාවේදී ආහාරයට ගනු ලබන නමුත් එහි සෞඛ්‍යමය ප්‍රතිලාභ වල කිසිදු වෙනසක් නැති බව වෛද්‍ය මතයයිග

රටඉදි වල සෞඛ්‍යමය ප්‍රතිලාභ පහතින් දැක්වේග

එහි අඩංගු වැදගත් පෝෂක නිසා එය නිර්මාංශ ආහාර ගන්නා අය සදහා වඩාත් සුදුසු වේග එම පෝෂක අතර විටමින්ල සෙලිනියම්ල මැග්නීසියම්ල කොපර්ල පොටෑසියම්ල මැන්ගනීස් හා කෙදි වර්ග අඩංගු වේග

මෙහි අඩංගු ඉතා ඉහල සෙලිනියම් ප්‍රමාණය නිසා එය පිලිකා සෛල විනාශ කිරීමට මගින් පිළිකා අවධානම අවම කිරීමටද සමත් ආහාරයකිග තවද එමගින් පිළිකා සෛල වර්ධනය පාලනය කිරීමලශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරමින් හදවත් රෝග වලින් හා විවිධ ආසාදන වලින් ශරීරය ආරක්ෂා කිරීමද සිදුකරයිග මීට අමතරව සෙලිනියම් තයිරොයිඞ් උත්තේජකයක් ලෙස ක්‍රියා කරන අතර සෙලිනියම් ශරීරය තුල අවම වීමෙන් ඇතිවන හෝර්මෝන වෙනස් වීම් වලින් ඔබව ආරක්ෂා කරනු ලබයිග

ලූටෙයින් හා සීසැන්තීන් යන කරෝටිනොයිද මෙහි අඩංගු වන අතර එමගින් හිරු එළියේ ඇති අධිශක්ති තරංග ආයාම පෙරීමකට ලක්කර එම අධිශක්ති තරංග ආයාම මගින් ඇසෙහි දෘෂ්ටිවිතානයට ඇතිවිය හැකි හානි අවම කිරීමට සමත්කම් දක්වයිග වසර 2007 දී කල අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ වයස්ගත වීමේදී ඇසෙහි අදුරු ලප ඇතිවීම පාලනයටද රටඉදි ආහාරයට ගැනීමෙන් හැකිවන බවයිග

මීට අමතරව රටඉදිවල අඩංගු පොස්පරස්ල මොලයේ ක්‍රියාකාරිත්වයේ වැඩි කර එය උත්තේජනය කිරීමට සමත්කම් දක්වන අතර එම නිසා බුද්ධිය සම්බන්ධ ක්‍රියාකාරකම් වල යෙදෙන අය සදහා වටිනා ආහාරයක් ලෙස නිර්දේශ කර ඇතග තවද මෙහි අඩංගු සුක්රෝස්ල ග්ලූකෝස් හා ෆ්රක්ටෝස් වැනි කාබෝහයිඩරේට මොලයට හා මාංශපේශීන්ට අවශ්‍ය ශක්ති ලබාදෙන අතර එහි අඩංගු ක්ලෝරීන් දත්වල ගෙවීයාම් අඩුකර දත් ආරක්ෂා කිරීමටද සමත්කම් දක්වයිග


ඉදුණු රටඉදි වල විටමින් හා නියැසීන් අඩංගු අතර ලවණ වර්ග වන සෝඩියම්ල මැග්නීසියම්ල කැල්සියම් හා යකඩද අඩංගු වේග මෙහි අඩංගු යකඩ ශරීරයේ ලේ අඩුකමට හොද පිලියමක් වන අතර දිනක අවශ්‍යතාවයෙන් 10්‍ර ක් රටඉදි ග්‍රැම් 100 කින් ලබාගත හැකග

අපාය යනු හුදෙක් මිත්‍යාවක්දරෑ අපාය ගැන ඔබ නොදන්නා මේ වටිනා කරුණු අනිවා දැනගන්න

අපාය යනු හුදෙක් මිත්‍යාවක්දරෑ අපාය ගැන ඔබ නොදන්නා මේ වටිනා කරුණු අනිවා දැනගන්න

සාමාන්‍යයෙන් අපාය යන වචනය සමඟ ගැබ්ව ඇත්තේ දැඩි දුක් සහගත බවකිග අද සමාජයේ බොහෝ දෙනා ඉතා අප්‍රසන්න සිදුවීමක් දුටු විට ,මෙය නම් අපායක්, යයි කීමට පුරුදුව සිටිතිග

අපාය පිළිබඳව විවිධ ආගම් හා දර්ශණ වල විවිධ ආකාර වලින් දක්වා ඇතග මේ අතරින් අපාය පිළිබඳව සැලකිය යුතු හැඳින්වීමක් සිදු කර ඇත්තේ බුදු දහම පමණිග

ඇතැමෙකුට අනුව අපාය යනු මෙලොවම ඇති විවිධ අවස්ථාවන්යග ඔවුනට අනුව සුර ලොව යනු අධ්ක සැප සම්පත් ඇති අය වෙසෙන ස්ථාන වන අතරල අපාය යනු ඉතා දුක්ඛිතව මිනිසුන් වාසය කරන ස්ථාන වේග නමුත් මෙය විය නොහැකි බව බෞද්ධ දර්ශණය යම් පමණකට වත් දන්නා අයකුට සිතා ගත හැකියග අපායවල් පිළිබඳව බුද්ධ දේශනාවේ විශේෂයෙන් සඳහන් කර ඇතග

අප දන්නා පරිදි බෞද්ධ අභිධර්මයේ කාම ලෝක 11 ක් පිළිබඳව සඳහන් වේග  එනම් දල ශරීර ඇති ජීවීන් සිටින ලෝක 11ක් ගැන ධර්මයේ සඳහන් වේග

සදෙව් ලොව

මනු ලොව

සතර අපාය

එම නිසා අපායද මිනිසුන් අතරම ය යන මිත්‍යා දෘෂ්ඨිය බැහැර කල හැකියග මින් අපායද කොටස් සතරකට බෙදා වෙන් කර සතර අපාය ලෙසින් දක්වා ඇතග එම කොටස් සතර පහත දැක්වේග

නරක :නිරය- 

ප්‍රේත ලෝකය

තිරිසන් ලෝකය

අසුර ලෝකය

මෙම ලිපියේ මාතෘකාව අපාය : බැවින් අප මෙම කොටස් සතර විග්‍රහ කර බලමුග

1ගනරක :නිරය-

මෙම අපායේ උපත ලැබීමට හේතු වන්නේල පෙර භව වල දී අධික කෝපයෙන් හා වෛරයෙන් ක්‍රියා කිරීමයිග
අනෙකුත් අපායවල් ත්‍රිත්වය හා සැසදීමේදී නිරය යනු අතිශය බිහිසුණු ස්ථානයකිග මෙම නිරය ධර්මයෙහි ප්‍රධාන  වශයෙන් කොටස් 8 කට බෙදා දැක්වේග

සංජීව නිරය
කාල සූත්‍ර නිරය 
සංඝාත නිරය
රෞරව නිරය
මහා රෞරව නිරය
තාප නිරය
ප්‍රතාප නිරය
අවීචි මහා නිරය
:මෙම අට මහා නිරය පිළිබඳව පුළුල් විස්තරයක් ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්නග-

විවිධ අකුසලයන් සිදු කළවුන් තම කර්ම වලට අනුරූපව මෙම අට මහා නිරයන්හි ඕපපාතිකව :මවක් නොමැතිව ඉබේ සිදු වන උපතක්- උපත ලබතිග කර්ම ශක්තීන් අවසන් වූ තැන නැවත වෙනත් භවයක උපත ලැබීමේ හැකියාව පවතීග

2ගප්‍රේත ලෝකය

අපාය සතරෙන් මීළඟ අපාය වන්නේ ප්‍රේත ලෝකයයිග යමකු අධික තණ්හාවෙන් තම චුති චිත්තය සකසා ගනියිද හෙතෙම ප්‍රේත ලෝක වල උපත ලබන්නේයග මෙම ලෝකයේ සිටින සංචේතන සත්ත්වයෝ ,කුසගිණි භූතයන්, ලෙසද හැඳින්වේග විවිධ ප්‍රේතයන් විඳින දුක් පිළිබඳව ,ප්‍රේත වස්තුව, නම් ග්‍රන්ථයේ මනාව දක්වා ඇතග මෙම ලෝකයේ ඕපපාතිකව පහල වන ජීවීහු නිරතුරු කුස ගින්න හා පිපාසය සංසිඳවා ගත නොහැකිව අපා දුක් විඳිතිග ටිබෙට් භව චක්‍රයේ පටු බෙල්ලක් සහ විශාල උදරයක් සහිතව මෙම ජීවීහු දක්වා ඇත්තේ ද ඉහත කී නොසන්සිඳෙන ආශාවන් සංකේතාත්මකව දැක්වීම සඳහායග

3ගතිරිසන් ලෝකය

තෙවන අපාය ලෙසින් දක්වා ඇති තිරිසන් ලෝකය පුහුදුන් මිනිස් ඇසට ගෝචර වන එකම අපාය වේග අධික මෝහය හා අවිචාර සම්පන්න හැසිරීම නිසා සත්ත්වයෝ තිරිසන් යෝනියක උප්පත්තිය ලබතිග තිරිසන් අපාය ලෙස හඳුන්වන්නේ පෘථිවිය මත පවතින මනුෂ්‍යයන් හැරුණු විට ඇති සත්ත්ව ලෝකයයිග

4ගඅසුර ලෝකය

සිව් වන අපාය ලෙස හැඳින්වෙන මෙම අපාය උප දේවතාවන්ගේ වාස භවනයිග ඊර්ෂ්‍යාව හා ව්‍යාපාදය හේතුවෙන් ඇති වන්නා වූ කර්ම ශක්තියෙන් ඕපපාතිකව මෙම ලෝකයේ උප්පත්තිය සිදුවේග යහපත් අරමුණෙන් යමක් කලද එයින් අන් යට හානි වීම හේතුවෙන් මෙලොව උපත ලබයිග මෙම ලෝකයේ උපත ලබන සත්ත්වයා මනුෂ්‍යාට වඩා සැප සම්පත් බුක්ති වින්ද ද දෙවියන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පෙලේග එම නිසා මෙම ලෝකය ඊර්ෂ්‍යාකාරී දේව ලොවල අර්ධ දෙව් ලොව හෝ දෙවියන්ට එරෙහි ලොව යනුවෙන්ද හැඳින්වේග මනුෂ්‍යයන්ට තිරිසන් ලොව දර්ශනය වන්නේ යම් සේද අසුර ලොවට දෙව් ලොව දර්ශනය වේග මෙම නිසා මෙම දෙලොව අතර විවිධ ගැටුම් ඇති වූ බවද :සුර අසුර යුද්ධය- සූත්‍ර දේශනා වල සඳහන් වේග


අන් දේවවාදී ආගම් වල මෙන් සදාකාලිකව අපායේ සිටීමක් හෝ සදාකාලිකව සුගතියේ සිටීමක් හෝ බුදු දහම නොපිළිගන්නා අතර බෞද්ධ දර්ශනයේ පරම සැපත උතුම් වූ නිර්වාණයයිග

තෙරුවන් සරණයි

දේවතා එළි හොල්මන් ඡායාරූප ගත හැකිද? හොල්මන් ගැන ඔබ නොදන්නා මේ විශ්මිත රහස් කියවලාම බලන්න.

දේවතා එළි හොල්මන් ඡායාරූප ගත හැකිද? හොල්මන් ගැන ඔබ නොදන්නා මේ විශ්මිත රහස් කියවලාම බලන්න.


කැමරාවේ සටහන්වන දේවතා එළි පිළිබඳවත්ල විටි

න් විට කැමරාවේ සටහන් වන හොල්මන් සහ අවතාර පිළිබඳවත් කතා වලට වර්තමාන සමාජයේ විශාල ප‍්‍රසිද්ධියක් ලැබෙමින් තිබේග පසුගියදා මහනුවර ප‍්‍රදේශයේ එක්තරා බාලිකා පාසලක අනතුරකින් මියගිය ශිෂ්‍යාවකගේ අවතාරය දක්නට ලැබෙන බවට මහත් ආන්දෝලනයක් ඇතිවූයේ එක් ඡායාරූපයක් පදනම් කර ගනිමිනිග

වැවක් අසලදී ගත් ඡායාරූපයක රාවණගේ දඩුමොනර යානය දක්නට ලැබුණු බවට ද පසුගිය දා විශාල ප‍්‍රචාරයක් ලැබිණිග එමෙන්ම පොහොය දිනවලදී හෝ ඇතැම් විට ධර්ම දේශනා පැවැත්වෙන ස්ථානයන්හිදී ගන්නා ඡායාරූපවල තැන තැන සුදු පැහැති හෝ කහ පැහැති පැල්ලම් ලෙස දක්නට ලැබෙන්නේ දේවතාවුන්ගේ ආලෝකය බව ද බොහෝ දෙනකුගේ මතය වී තිබේග
ප‍්‍රසිද්ධ ඡායාරූප ශිල්පීන්ගේ  අත්දැකීම්
දැන් කැමරාව අතීතයේ මෙන් නොව ඉතාමත්ම සරල උපකරණයක් වී ඇතග  ඕනෑම කුඩා ළමයකුට වුව ද පහසුවෙන් හැසිරවිය හැකි ආකාරයේ තාක්ෂණික මෙවලමක් බවට කැමරාව පත්වූයේ ඩිජිටල් තාක්ෂණයේ ආගමනයත් සමගිනිග එය වඩාත් සංයුක්ත සරල කැමරාවක් බවට පත්ව තිබේග

ඡායාරූප ශිල්පය වඩාත් සරළ වීමත් සංයුක්ත කැමරාව පැමිණීමත් සමගම දේවතා එළි සහ ඡායරූපයන්හි සටහන්වන හොල්මන් හා අවතාර ප‍්‍රමාණය විශාල වශයෙන් වැඩිවී තිබේග සමාජයේ බොහෝ දෙනකු තම කැමරාවන්හි දේවතා එළි සටහන් වන බවත් විටින් විට අවතාර හා හොල්මන් ඡායාරූපයට නැගෙන බවත් මෙය කැමරාවේ දියුණුවත් සමග සිදුවූවක් බවත් දැඩි සේ විශ්වාස කරතිග

නමුත් සිදුව ඇත්තේ නවීන ඩිජිටල් කැමරාව වඩාත් සරල සංයුක්ත උපකරණයක් බවට පත්කිරීමේදී ඇති තාක්ෂණික දෝෂ හේතුවෙන් මෙවැනි දේවතා එළි සහ හොල්මන් ඡායාරූපවල සටහන් වීමයිග
මේ පිළිබඳ අදහස් දක්වන වෘත්තීය ඡායාරූප ශිල්පියකු ලේඛකයකු සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ප‍්‍රතිබිම්බ කලා අංශයේ බාහිර කථිකාචාර්ය ඉන්ද්‍රනාථ තේනුවර මහතා පවසන්නේ වර්තමානයේ බොහෝ දෙනකු ගන්නා ඡායාරූපවල සටහන් වන දේවතා එළි සහ අවතාර වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයිග ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සියල්ල සංයුක්ත කැමරා හේතුවෙන් හටගන්නා තාක්ෂණික දෝෂ සමූහයක් බවයිග

සරල සංයුක්ත කැමරා සහ වෘත්තීය මට්ටමේ කැමරා යනුවෙන් ඩිජිටල් කැමරා මූලික වශයෙන් කොටස් දෙකකට වෙන්කළ හැකියග මේ කැමරාවලින් වෘත්තීය මට්ටමේ කැමරාවක කාචය විශාලයග එය ගලවා මාරු කළ හැකියග එමෙන්ම එහි කෘත‍්‍රිම ආලෝක ප‍්‍රභවය හෙවත් ෆ්ලෑෂ් උපකරණය ද බාහිරින් සවිකළ හැකි සංකීර්ණ උපකරණයකිග නමුත් සරල සංයුක්ත කැමරාවක කාචය ඉතා කුඩා උපකරණයක් වන අතර කැමරාවටම සවිකළ කෘති‍්‍රම ආලෝක ප‍්‍රභවයක් ද එය සතුව තිබේග

ඉන්ද්‍රනාථ තේනුවර මහතා පවසන්නේ සාමාන්‍යයෙන් මිනිසුන් ගැවසෙන ස්ථානයන්හි වායුගෝලයේ දුවිලි ප‍්‍රමාණය අධික බවයිග විශේෂයෙන්ම පිරිත් ගෙවල්ල පිරිත් පැවැත්වෙන විහාරස්ථානල පෝය දිනයේ විහාරස්ථානල පෙරහර පැවැත්වෙන අවස්ථාවන්හි මිනිසුන් අධික ලෙස ගැවසෙන බැවින් සාමාන්‍ය වායුගෝලයේ අධික දුහුවිලි අංශු ප‍්‍රමාණයක් දක්නට ලැබේග එමෙන්ම රාතී‍්‍ර කාලයේ වායුගෝලයේ ජල වාෂ්ප ප‍්‍රමාණය ද අධික වේග
බෝධි වෘක්ෂයක් හෝ වෙනත් ගස් සහිත පරිසරයකදී සාමාන්‍ය ස්ථානයකට වඩා වැඩි ජල වාෂ්ප ප‍්‍රමාණයක් දක්නට ලැබීම විද්‍යාත්මක සත්‍යයකිග

මෙවැනි ස්ථානයක කම්පැක්ට් ඩිජිටල් කැමරාවක් හෙවත් සරල සංයුක්ත ඩිජිටල් කැමරාවක් භාවිතයේදී බොහෝ විට දේවතා එළි යනුවෙන් වර්තමානයේ හඳුන්වන විවිධ වර්ණයෙන් යුතු ආලෝක ලප ඡායාරූපයක දක්නට ලැබීම සාමාන්‍ය දෙයක් බවට පත්වේග

එය තේනුවර මහතා විස්තර කරන්නේ මේ ආකාරයෙනිග
රාතී‍්‍ර කාලයේදී සෙනග ගැවසෙන එළිමහනේ විශාල දුවිලි ප‍්‍රමාණයක් අපට නොපෙනී තිබෙනවාග ඒ වගේම ජල වාෂ්ප ප‍්‍රමාණයත් වැඩියිග මේ වගේ තැනකදී අපි සරල සංයුක්ත කැමරාවක් හෙවත් කම්පැක්ට් ඩිජිටල් කැමරාවක් භාවිත කරලා ඡායාරූපයක් ගන්නා විට එය කරන්නේ කැමරාවේ ඇති සරලතම ක‍්‍රමවේදය වූ ඔටෝ හෙවත් ස්වයංකී‍්‍රය සැකැස්ම භාවිත කරමින්ග මෙවැනි කැමරාවක කාචය ඉතාමත්ම කුඩායිග ඒ වගේම ස්වයංකී‍්‍රය කි‍්‍රයාත්මක වන කෘතිි‍්‍රම ආලෝක ප‍්‍රභවය හෙවත් කැමරාවේ ෆ්ලෑෂ් එක කි‍්‍රයාත්මක වූ විට බාහිර පරිසයේ තිබෙන දුවිලි අංශු වලට හා ජල වාෂ්ව වලට අර ආලෝකය වැදී එය පූර්ණ අභ්‍යන්තර පරාවර්ථනයට ලක්වනවාග එය කැමරාවේ සටහන් වන්නේ ආලෝක ලප හැටියටග
මේවා විවිධ වර්ණයන් ගන්නවාග කහල රතුල නිල්ල දම්ල සුදු ආදී වර්ණ ගන්නවාග තවත් විශේෂත්වයක් තමයි මේ ලප විශාල කළවිට පෙනෙන්නේ මලක් වැනි හැඩයකින්ග ඇතැම් විට මේවා සහමරු හිතනවා අර හඳේ හාවා මවාගෙන ඉන්නවා වගේ මිනිස් මුහුණු ආකාරයටග මේ දේවතා එළි නොවේග දුවිලි සහ ජල වාෂ්ප වලට ක්ෂණික ආලෝක ප‍්‍රභවය පතිත වීමෙන් ඇතිවන දෝෂයක් මිසක් දේවතා එළි නොවේග
වෘත්තීය ඡායාරූප ශිල්පීන් පවසන්නේ තමන්ගේ වෘත්තීය මට්ටමේ කැමරාවල මෙම දෝෂය ඇති නොවන බවයිග මේ පිළිබඳ පර්යේෂණයක් කළ තේනුවර මහතා වරක් තම නිවස පිටුපස ඇති වැසිකිළියක රාතී‍්‍රකාලයේ සිය වෘත්තීය මට්ටමේ කැමරාව සහ තම දියණිය සතුව ඇති සරල සංයුක්ත කැමරාව භාවිතා කරමින් එකම මොහොතේ ඡායාරූප දෙකක් ගෙන තිබේග

අපි කැමරා දෙකෙන් එකම වෙලාවේ ඡායරූප ගත්තාග එතැන විශාල ජලවාෂ්ප ප‍්‍රමාණයක් තිබෙනවාග ඒ වගේම  දුවිලි සහිත පරිසරයක් තිබෙන්නේග දුවගේ සරල සංයුක්ත කැමරාවේ අර දේවතා එළියැයි කියන ලප විශාල ප‍්‍රමාණයක් සටහන් වී තිබුණාග නමුත් මගේ කැමරාවට බය වෙලා එළි නිකුත් කරලා නැහැග පොඩි කැමරාවකින් වැසිකිළියේත් දේවතා එළි පෙන්වන්න පුඑවන්ග

වෘත්තීය ඡායරූප ශිල්පියකුවන විමුක්ති වීරතුංග මහතා පවසන්නේ ද සරල සංයුක්ත කැමරාවේ කුඩා කාචය හා එහි ඇති සරල කෘත‍්‍රිම ආලෝක ප‍්‍රභවය හේතුවෙන් රාතී‍්‍ර කාලයේ දී පරිසරයේ ඇති ජල වාෂ්ප හා  දුවිල අංශු ආලෝක ලප ලෙස කැමරාවේ සටහන් වන බවයිග හෙතෙම මෙසේ ද කීවේයග

මේ කුඩා කැමරා බොහෝ දෙනෙක් සාක්කුවේ දමාගෙන යනවාග ඒ වගේම නිකන් අතේ එල්ලාගෙන යනවාග ඒ තරමටම එය සරල උපකරණයක්ග නමුත් මේවා වතුරට ප‍්‍රතිරෝධී නැහැග ඒ නිසා රාතී‍්‍ර කාලයේදී හෝ  ඕනෑම වේලාවක මේ කැමරවල ඡායාරූපය ග‍්‍රහණය කරගන්නා සංවේදී පෘෂ්ඨයේල කාචයේ හා ෆ්ලෑෂරයේ ජල වාෂ්ප සහ දහඩිය බැඳී තිබෙනවාග එවැනි අවස්ථාවක ගන්නා ඡායාරූපයේ අර වගේම ආලෝක ලප දක්නට ලැබෙනවාග මෙය හොඳින් පෙනෙන්නේ අඳුරු ස්ථානයක කෘත‍්‍රිම ආලෝකය භාවිතයෙන් ඡායාරූපය ගන්නා විටග නමුත් ඒ මොහොතේ ක්ෂණික ආලෝකයේ ඇති ප‍්‍රභලතාව නිසා ජල වාෂ්ප ඉක්මනින් නැතිවී යනවාග ඒ හේතුවෙන් දෙවැනි ඡායාරූපයේ මේ ආලෝක ලප දැකගන්න ලැබෙන්නේ නැහැග ඒ නිසා බොහෝ දෙනකු සිතන්නේ එතැන ගන්නා එක් ඡායාරූපයක් පමණක් ආලෝක ලප සටහන් වූ අවස්ථාවකදී එය සැබැවින්ම අපේ සාහිත්‍යයේ එන දේවතාවුන්ගේ එළි කියලාග දේවතාවුන් ඉන්නවා ද නැද්ද කියන දේ මම දන්නේ නැහැග නමුත් මේ විදියට ඡායාරූපවල සටහන් වන්නේනම් දේවතා එළි නොවන බවනම් ස්ථිරයිග

වර්තමානයේ කතා බහට ලක්වූ ඡායාරූප අතරින් වඩාත් ආන්දෝලනාත්මක වූයේ මහනුවර බාළිකා පාසලක දක්නට ලැබෙනවායැයි කිය අනතුරකින් තුවාල ලබා මියගිය සිසුවියකගේ අවතාරයයිග මේ කතාවට පදනම වැටුණේ එක්තරා රාති‍්‍රයක එම ශාලාවේ ලැගුම්ගත් හෙදියන් පිරිසක් විසින් ගන්නා ලද එක් ඡායාරූපයකිග නමුත් මේ ඡුායාරූපය බොහෝ දෙනෙක් දැඩි සේ විශ්වාස කළහග එහි එක් කකුලක් පෙනෙන්නට නොතිබීමත් මියගිය දැරියගේ පාදයකට දැඩි සේ හානි සිදුව තිබීමත් හේතුවෙන් මෙහි සත්‍යතාවක් ඇතැයි බොහෝ දෙනෙක් සිතන්නට වූහග මිය ගිය දැරියගේ හානියට පත්ව තිබුණේ වම් පාදයටයග නමුත් මේ ඡායාරූපයේ සිටින අවතාරය යැයි කියන රූපයේ වම් පාදය පැහැදිලිව දක්නට ලැබේග
ඉන්ද්‍රනාථ තේනුවර මහතා පවසන්නේ මෙය සරල සංයුක්ත කැමරාවකින් ඡායාරූපයක් ගැනීමේදී බහුලව දක්නට ලැබෙන දෝෂයක් බවයිග

ඔහු ඒ පිළිබඳ මෙසේ විස්තර කළේයග

අඳුරු ස්ථානයක ඡායාරූපයක් ගන්නා විට සාමාන්‍යයෙන් කැමරාව ස්වයංකී‍්‍රයව අඩු ද්වාර වේගයක් හෙවත් අඩු ෂටර් ස්පීඞ් එකක් භාවිත කරනවාග ඒ වගේම අඩු ආලෝකයක් ඇති ස්ථානයකදී  වැඩි ආලෝකයක් කැමරාවට ගැනීම සඳහා ස්වයංකීයවම කැමරාවේ කාච විවරයත් විශාල කරගන්නවාග ඒ වගේ වේලාවකදි ඇතැම් විට කාච ද්වාරය හෙවත් ෂටර් එක විවෘතව පවතින කාලය තත්පරයෙන් 15 එකක්ල 10 න් එකක් පමණ හෝ ඊටත් වැඩි කාලයක් විය හැකියිග ඉතින් මේ වගේ වෙලාවට අපේ ශරීරයේ ඇති සාමාන්‍ය කම්පනල අත වෙවිලීම හෘද ස්ඵන්දනය ආදිය නිසා ඡායාරූපය යම් පමණකට වෙව්ලන ස්වරූපයෙන් සටහන් වනවාග එවැනි අවස්ථාවකදී යම් වස්තුවක් හෝ පුද්ගලයෙක් චලනය වූවානම් එය සටහන් වන්නේ බොඳවූ රූපයක් වගේග ඇතැම් විට පුද්ගලයකුනම් හඳුනාගන්නටවත් බැහැග මහනුවර බාලිකා පාසලේ අවතරායත් එවැන්නක්ග එදින පැහැදිලිවම හෙදියන් රාතී‍්‍ර නවාතැන් ගත්බව සඳහන් වනවාග මේ ඡායාරූපයේ දක්නට ලැබෙන්නේ නිල ඇඳුමින් සිටි හෙදියක් ඡායාරූපය ගත් ස්ථානය හරහා ගමන් කළ මොහොතක්ග කෙනෙක් ගමන් කරන විට එක් කකුලක් තත්තපර කිහිපයක් ස්ථාවරව පොළව මත තිබියදී අනෙක් පාදය ඔසවනවාග නැතිනම් එය යම් වේගයකින් චලනය වෙනවාග වැඩි වේලාවක් කැමරාවේ ස්වයංකී‍්‍ර දොර විවෘතව තිබීමත් විශාල කාච විවරයක් තිබීමත් හේතුවෙන් මේ චලනය වන පාදය ඡායාරූපයේ සටහන් වන්නේ නැහැග ගමන් කරමින් සිටි තැනැත්තා හෝ තැනැත්තිය සටහන් වන්නේත් බොඳවූ රූපයක ආකාරයෙන්ග සිදුවී ඇත්තේ මේ දෙය විනා මියගිය සිසුවියකගේ අවතාරයක් කැමරාවේ සටහන් වීම නොවේග
මෙවැනි අපූරු සිදුවීමකට මුහුණ දීමට විමක්ති වීරතුංග මහතාට  සිදුව තිබේග

අපි වනාන්තරයේ ඡායාරූප ගැනීම සඳහා වරක් යාල කැලයේ කඳවුරු බැද ගත්තාග එදා රාති‍්‍රයේ අපට තිබුණේ ලන්තෑරුම් කිහිපයක් සහ පත්තුකරපු ගිනි මැලයේ ආලෝකය පමණයිග අපිම රාතී‍්‍ර ආහාරය පිළියෙල කරගත්තාග මේ අවස්ථාවේ අපි කෑම පිළියෙල කරනවා කෑම කනවා ඡායාරූප ගත්තාග මගේ වෘත්තීය මට්ටමේ කැමරාවෙන් වගේම තවත් මිතුරකුගේ සරල සංයුක්ත කැමරාවකින් ඡායාරූප ගත්තාග දවස් දෙකකට විතර පස්සේ ගෙදර ආවායින් පස්සේ මගේ යාඑවා මහ කලබලයකින් මට කතා කරලා කියනවා අපි එදා රෑ කෑම කන වෙලාවේ කෑම හදපු භාජනයෙන් අවතාර කෑම ගන්නවා එයාගේ ඡායාරූපවල සටහන් වෙලා කියලාග


මම එයාට ඒ පින්තූර අරගෙන එන්න කියලා ඒවා පරීක්ෂා කළාග හොඳ වෙලාවට ඒ වෙලාවේ අපි දෙන්නම එකම තැන වාඩිවෙලා ඡායරූප අරගෙන තිබුණේග මගේ ඡායාරූපත් එයාගේ ඡායාරූපත් එකට දාලා බැලූවම අපේ කණ්ඩායමේ හිටපු කට්ටිය කෑම බෙදා ගන්නා අවස්ථාව එයාගේ කැමරාවේ සටහන් වෙලාතිබෙන්නේ අවතාර කෑම බෙදා ගන්නවා වගේග ඇයි එහෙම වෙන්නේ කියලා ඡායාරූප තාක්ෂණය නොදන්නා එයාට තේරුම් කරලා දුන්නේ බොහොම අමාරුවෙන්ග මගේ කැමරාවේ හොඳට පේන රූප එයාගේ කැමරාවේ අඩු ද්වාර වේගය හා විශාල කාච විවරය නිසා සෙලවුණු අවතාර බවට පත්වෙලාග මේක අප තේරුම්ගත යුතුයිග මේ අවතාර නොවේග කැමරාවල තාක්ෂණික ගැටලූ නිසා ඇතිවන දේග


පසුගියදා ජනපි‍්‍රය වූ තවත් ඡායාරූපයක් වූයේ වැව් ඉස්මත්තකදී සටහන්වූවායැයි කියන රාවණගේ දඩු මොනරයයිග ඒ ඡායාරූපයේ ඇත්තේ කැමරාවට ඉදිරියෙන් ඉගිලී ගිය කුරුල්ලකු බව වෘත්තීය ඡායරූප ශිල්පීන් කොතෙක් පෙන්වාදුන්න ද ඇතැමුන් එය රාවණගේ දඩුමොනරය යැයි විශ්වාස කරනු ලැබුවාග

තේනුවර මහතා ඒ පිළිබඳ මෙසේ කීවේයග

දඩුමොනරයේයැයි කියන ඡායරූපය ගනිද්දී එම ශිල්පියා ෂටර් ස්පීඞ් එක භාවිතා කරල තියෙන්නේ තත්පරයෙන් 4000 න් එකක වේගයක්ග ඒ කියන්නේ තත්ත්පරයෙන් 4000 කින් එකක වේලාවකදී කැමරාවේ ආලෝකය ඇතුඑ කරන දොර විවෘත වී වැහෙනවාග මේ දොර ඇරෙන්නේ පහළ සිට ඉහළට උඩ සිට පහළට ස්කෑන් වෙලා ඡායාරූපය ගොඩනැගෙනවාග මේ දත්ත අරගෙන තමයි කැමරාවෙන් ඡායාරූපයක් හැදෙන්නේග කැමරාවට ඉදිරියෙන් වේගයෙන් පියඹායන කුරුල්ලකු වුවත් මේ ද්වාරවේගයේදී සටහන් වෙනවාග අංශක 25 ක් හෝ 30 ක පමණ කෝණයක් ඇතිව කැමරාව දෙසට එන කුරුල්ලෙක් හෝ බෝලයක් වුණත් කැමරාවේ සටහන් වන්නේ හීනි පැතලි වස්තුවක් හැටියටග එවිට එය පේන්නේ ජෙට් එකක් වගේග ඉතින් රාවණගේ දේවල් විශ්වාස කරන අය හිතනවා මෙය දඩුමොනරය කියලාග නමුත් මේ ඡායාරූපයේ දක්නට ලැබුණේ කැමරාවට ඉදිරියෙන් වේගයෙන් පියඹා ගිය කුරුල්ලෙක්ග


රාති‍්‍රයේ ආලෝකවත්ව ඇති දාගැබක ඡායාරූපයක් ගන්නා විට දාගැබ හා කැමරාව අතර ඇති විදුලි පහණක් ඇතැම් විට අහසේ ඇති ආලෝක ප‍්‍රභවයක් ලෙස දිස්වේග ඡායාරූපයේ මෙය පෙනෙන්නේ අඳුරු අහසේ ඇති හඳුනානොගත් ආලෝකයක් ලෙසිනිග එය ඇතැම් විට වෙව්ලීම හේතුවෙන් අපහැදිලි හැඩයක් ලෙස දක්නට ලැබේග බොහෝ දෙනකු සිතන්නේ මෙය ද දේවතා ගමන් කිරීමක් බවයිග

වෘත්තීය ඡායාරූප ශිල්පීන් මෙන්ම කැමරා පිළිබඳ තාක්ෂණික දැනුමක් ඇති අයගේ මතය වී ඇත්තේ කැමරාවන්හි සටහන් වන මෙවැනි ආලෝක ලප හා ආගන්තුක වස්තු මෙරට ඇති සංස්කෘතික මතවාද හා සම්බන්ධ කර විවිධ සංකල්ප ඉදිරිපත් කිරීමෙන් හා ප‍්‍රචාරයක් ලබාදීමෙන් සමස්ථ සමාජයම මිත්‍යාව වෙත තල්ලූකැර දැමීම ඛේදවාචකයක් බවයිග
:සටහන - මේ සම්බන්ධයෙන් තවත් මත තිබේනම් පළ කිරීමට අප සූදානම්යග-

සජීව විජේවීර

විටමින් වර්ග ගැන නොදන්නා මේ දේවල් හරියටම දැනගන්න

විටමින් වර්ග ගැන නොදන්නා මේ දේවල් හරියටම දැනගන්න



ඔබේ උස මදි වගේදරෑ මෙන්න අඟල් කිහිපයකින් උස යාමට පට්ට ක්‍රමයක්

ඔබේ උස මදි වගේදරෑ මෙන්න අඟල් කිහිපයකින් උස යාමට පට්ට ක්‍රමයක්





ඔබත් දෙවියන්ට බාර හාර වෙනවදරෑ දෙවියන්ට නිවැරදිව බාරයක්‌ වෙන විදිය මෙන්න

ඔබත් දෙවියන්ට බාර හාර වෙනවදරෑ දෙවියන්ට නිවැරදිව බාරයක්‌ වෙන විදිය මෙන්න

බාරවීම යනුවෙන් අදහස්‌ කෙරෙන්නේ

බාරවීම යනු පුරාණයේ සිට විශේෂයෙන් ම සිංහල බෞද්ධ ජනතාව අතර දැඩි විශ්වාසය මත පවතින ජන ඇදහීම් හා බැඳුන චාරිත්‍රයක්‌ මෙන්ම ජ්‍යොතිෂ විද්‍යාවේ එන එක්‌තරා ප්‍රතිකර්ම ක්‍රමයක්‌

ෆ එම ප්‍රතිකර්මය හෙවත් දෙවියන්ට බාරවීමෙන් අපේ අරමුණු ඉටුකර ගත හැකිදරෑ

දෙවියන්ට බාර වීම යනු අප දෙවියන් සමඟ කරන ගනුදෙනුවකිග මාගේ මේ කාරණය ඉටුකර දුනහොත් ඔබ වහන්සේට ගගගගගගග පූජාකරල සිදුකර පිං අනුමෝදන් කරනවා, යනුවෙන් දෙවියන් ඉදිරියේ දිව්රා පොරොන්දු වීම බාර වීමයිග මේ ආකාරයෙන් තම සාධාරණල යහපත් බලාපොරොත්තුවක්‌ ඉටුකර ගැනීම සඳහා දෙවියන්ට කන්නලව් කර භක්‌තිමත්ව ඉල්ලා සිටිමින් වන්නා වූ බාරයකින් අපගේ බලාපොරොත්තු ඉටුවීමට අවශ්‍ය පසුබිම සැකසීම සත්‍යයකිග

ෆ ජ්‍යොතිෂයේදී ජන්මියකු වෙත පැමිණෙන අපල කාල සීමාවන් සපල කර ගැනීමට පිළියමක්‌ වශයෙන් දෙවියන්ට බාර වීම අද සුලබ සිද්ධියක්‌ග මෙය කොතරම් දුරට සාර්ථකදරෑ

අපල කාලයක්‌ ලෙස හඳුන්වන්නේ කවරෙකු වුවද පෙර ආත්මයේ සිදුකළ අකුසල් සඳහා වන්දි ගෙවිය යුතු කාලයයිග එම කාලය උදාවීමත් සමඟ අදාළ පුද්ගලයාට විවිධ දුක්‌ඛ දෝමනස්‌සයන්ට මුහුණ දීමට සිදුවිය හැකියග එම අහිතකර තත්ත්වය හෙවත් ග්‍රහ අපල මැඩ පවත්වා ගත හැක්‌කේ කුමන දෙවියන්ට බාරවීමෙන්ද යන්න අපේ පැරැණි සෘෂිවරුන් පෙන්වා දී ඇතග ඒ අනුව ඊෂ්වර දෙවියන්ට බාර වීමෙන් රවි අපලයදල සඳු - සමන් දෙවියන්ල කුජ - කතරගමල බුධ - දැඩිමුන්ඩල ගුරු - මහා බ්‍රාහ්මයාල සිකුරු - පත්තිනිල ශනි - විෂ්ණුල කේතු - කතරගමල රාහු - සූනියම් වශයෙන් බාරවීමෙන් ග්‍රහ අපල මඟහැර ගත හැකියග

ෆ මීට අමතරව අපට දෙවියන් වෙත බාරවීමට හැකි අවස්‌ථා සඳහන් කළොත් රෑ

අධ්‍යාපනයේ නියෑළෙන දරුවකුගේ එම කටයුතු සාර්ථක කර ගැනීමට ගණ දෙවියන් සහ සරස්‌වතී දේවියල විවාහය හෝ දරුඵල සම්බන්ධයෙන් පත්තිනි මෑණියන්ටල වෙළෙඳ ව්‍යාපාරල රැකී රක්‍ෂා දියුණුවට කතරගම දෙවියන්ල සතුරු කරදර සඳහා භද්‍රකාලි මෑණියන් වැනි දෙවිවරුන්ගෙන් පිහිට ලබා ගත හැකියිග අදාළ කාරණය ජ්‍යොතිෂවේදියකු සමඟජ්හෝ ගුප්ත විද්‍යාවේදියකු සමඟජ්සාකච්ඡා කර කරුණු අවබෝධ කරගෙන පිහිට පැතීම සාර්ථකම ක්‍රමයයිග

ෆ දෙවියන් සඳහා බාරවීමට සුදුසුම ද්‍රව්‍ය මොනවාදරෑ

දෙවියන් අපෙන් බලාපොරොත්තු වන්නේ පිං පමණකිග කුසල් රැස්‌ කර උන්වහන්සේලාට පිං අනුමෝදන් කිරීම තුළ අපට බොහෝ සෙත සලසා ගත හැකියග එහෙත් පිං රැස්‌ කිරීමේදී අප උන්වහන්සේලාට අයත් පාට වලින් මල්ල කතරගම දෙවියන්ට රතු මල්ල විෂ්ණු දෙවියන්ට නිල් මල් හා පහන්ල සුවඳ දුම් පූජා කිරීම ප්‍රමාණවත් යග පූජා වට්‌ටි තබන්නේ නම් පිරිසිදුජ්නැවුම් පලතුරු සුවඳ ආඝ්‍රාණය කර ගත හැකි පරිදි පූජා කිරීම සෑහේග ඔබගේ කටයුතු සපල වූ දිනක අදාළ දෙවොලට තිරයක්‌ල පහනක්‌ දේවාලයේ දියුණුවට පඬුරක්‌ ආදී වශයෙන් හැකි පමණින් ලබා දීම ප්‍රමාණවත් යග එහෙත් මිනිසුන් මුලා කරන කපු මහත්වරුන්ගේ සූරාකෑම්වලට හසු නොවීමට වගබලා ගන්නග

ෆ කෙනෙකු වෙනුවෙන් තවත් කෙනෙකුට බාරයක්‌ විය හැකිදරෑ

ඔව්ග රෝගියකුගේ සුවපත් භාවය අපේක්‍ෂා කරමින් අපි බෝධිපූජා පවත්වා බාරවන අවස්‌ථාවන්ට අදාළ රෝගියා ගෙන යැමට නොහැකියග එවිට අප බාර වන්නේ ඔහු හෝ ඇය සුව වූ පසු ඔහු හෝ ඇය සමඟ විත් බාරය නිදහස්‌ කරන ආකාරයටයග එහි කිසිදු ගැටලුවක්‌ නැතග

මීට අමතරව අපට යම් කාරණයක්‌ උදෙසා පොදු වශයෙන් ද බාර වීමට හැකියාව තිබේග නියඟය දුරු වී වැස්‌ස ලැබීමල වසංගත රෝග පැතිරීම වැළැක්‌වීම ආදිය එවැනි අවස්‌ථාවන්යග කවුරුන් කෙසේ බාර වුවද තම කාරණය ඉටු වූ පසු එය ඔප්පු කිරීම අනිවාර්යයෙන් ම සිදුවිය යුත්තකිග

ෆ බාරයක්‌ ඔප්පු කිරීමට නොහැකි වීමෙන් ලැබෙන ප්‍රතිඵල කුමක්‌ විය හැකිදරෑ

තම කාරණය ඉටු වූ පසු දෙවියන් වෙනුවෙන් වූ බාරය නිදහස්‌ නොකොට අමතක කර දැමීම හෝ මඟ හැර සිටීමෙන් දෙවියන්ගේ උදහසට ලක්‌ විය හැකියග එයින් තමා පෙර සිටි දුක්‌ත අවස්‌ථාවට වඩා වැඩි පීඩනයකට පත්වීමේ හැකියාව ඇතිවීම නොවැළැක්‌විය හැකි තත්ත්වයකිග එබැවින් කුමන කාරණයක්‌ සඳහා වුවද සිදු වූ බාරය ඒ ආකාරයෙන් ම ඔප්පු කිරීමට වගබලා ගත යුතුයග සත්‍යවාදී නොවන පුද්ගලයාට දෙවියන්ගේ පිහිට නොලැබෙන බව මතක තබා ගත යුතු කාරණයකිග

ෆ පූජනීය ස්‌ථානයකදී බාර වී එම පඬුර නිවාසවලට ගෙන ඒමේ වරදක්‌ තිබේදරෑ

එකී පඬුර නිවසට ගෙනත් තබාගෙන එය නිදහස්‌ කරන දිනයේ අදාළ කාසිය ද නිදහස්‌ කර පිං කැටයකට දැමීම සමහරුන් පුරුද්දක්‌ වශයෙන් සිදුකරයිග එහෙත් අපගේ නිවස යනු විවිධ කිලි කුණු දෝෂ ඇති තැන් නිසා දෙවියන් වෙනුවෙන් වෙන් කළ පඬුරක්‌ පූජනීය ස්‌ථානයේ ම තිබීම වඩාත් සාර්ථක වේග නිවසට ගෙන එනවා නම් එය බාරය ඉටුකරන දින තෙක්‌ ඉතා පිරිසිදුව තබාගත යුතුයග 

ෆ නිවැරදිව බාරයක්‌ වන්නේ කෙසේදරෑ

තමන්ට මුහුණදීමට සිදු වූ කුමන ගැටලුව හෝ නිරාකරණය කර ගැනීම සඳහා ඔබ උපදෙස්‌ පතන ජ්‍යොතිර්වේදියාල ගුප්ත විද්‍යාවේදියාට හෝ කියන ආකාරය සැලකිල්ලට ගෙන ගතින් මෙන්ම සිතින් ද පිරිසිදුව ඔවුන් විසින් නියම කළ දෙවියන් සිටින ස්‌ථානයට යන්නග පළමුව බුදුරජාණන් වහන්සේ උදෙසා මල්ල පහන්ල සුවඳ දුම් පූජා කර පංචශීලය සමාදන්ව වැඳ නමස්‌කාර කර ඔබ විසින් බාරය වීමට අදහස්‌ කරන දෙවියන්ට අදාළ මල්ල පහන් පූජාකර ස්‌ත්‍රෝත්‍ර ගායනා කර පිං අනුමෝදන් කර කහ දියරෙන් සෝදාගත් පඬුරක්‌ පිරිසිදු රෙදි කඩක ඔතා තමා බලාපොරොත්තු වන සහනය උන්වහන්සේට කන්නලව් කර එම බලාපොරොත්තුව ඉටු වු පසු ඔබ විසින් උන්වහන්සේට දක්‌වන උපහාරය සිහිපත් කර අදාළ රෙදිකඩේ කාසිය ගැටය තදකර දෙවොලේ ඇති නියමිත ස්‌ථානයේ එම පඬුර ගැට ගැසීමෙන් දෙවියන්ගේ දිව්‍යමය ආශිර්වාදය පිහිට ආරක්‍ෂාව නිබඳවම ඔබ වෙත ලැබෙන්නේයග

එකී ආශීර්වාදය එලෙසම ලැබීමට නම් ඔබට දෙවියන් වෙන්වෙන් ඉටු කළ හැකි බාරයක්‌ පමණක්‌ වීම ප්‍රමාණවත් යග ඉටු කළ නොහැකි බාර දෙවියන් වෙනුවෙන් සිදු කිරීම අනුවන ක්‍රියාවක්‌ බව මතක තබා ගන්නග

ජ්‍යොතිෂවේදී 
රංජන් සිසිර කුමාර

සංවාද සටහන - ධම්මික හේවාවසම්