දිය වැඩියාවට බුලත් කොළ වලින් රහස්ප‍් රතිකාරයක්ගඔබත් මේ අපුරු බෙහෙත ගැන දැනගන්න මේ ලිපිය කියවන්න
නූතන වෛද්‍ය විද්‍යාවට අනුව දේශීය මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවේද නව සොයාගැනීම් අනුව නොයෙකුත් රෝගකාරකයන් සඳහා නව ක‍්‍රමවේදයන් හා ඖෂධ වර්ග සොයාගැනීම් පිළිබඳව වරින්වර ලෝකය දෙසින් මාධ්‍ය ඔස්‌සේ අපට අසන්න දකින්න ලැබේග
එහෙත් මෙම නව සොයා ගැනීම් වලටත් වඩා ප‍්‍රබල ගුණාත්මක කමින් ප‍්‍රබල ඖෂධ වර්ග හා වෛද්‍ය ක‍්‍රමවේදයන් පාරම්පරික වෙදකම තුළ අන්තර්ගතය වී තිබෙන බව අප අමතක නොකළ යුතුයග
එවැනි ඖෂධ වර්ග හා වෛද්‍ය ක‍්‍රමවේදයන් උපයෝගී කරගනිමින් මෙතෙක් බටහිර වෛද්‍ය විද්‍යාවේ පවා ඖෂධයක් සොයාගැනීමට නොහැකි වූ පිළිකා රෝගය පවා සුවපත් කළ හැකි ඖෂධ හා වෛද්‍ය ක‍්‍රමයන් පාරම්පරික වෙදකම සතුව ඇති බව අප දන්නා කරුණකිග
එවැනි පාරම්පරික වෙද පරපුරක අන්තිම පුරුක ලෙස සැලකෙන වෙද මහතකු හමුවීමට අප පසුගියදා මාලබේ සුසිලාරාම පාරේ 3 වැනි පටුමගේ ඔහුගේ වෙද නිවසට යන විටත් අංශභාග රෝගය සඳහා ප‍්‍රතිකාර ලබාගැනීමට පැමිණ සිටි රෝගියකුට ප‍්‍රතිකාර කරමින් සිටියේයග
සිංහල රාජවංශයේ ජීවකයකු ලෙස ප‍්‍රකට වූ බුද්ධදාස රජතුමාගේ කාලයේ පටන් පැවත එන ඌව වෙල්ලස්‌ස මැදගම්පත්තු වෙද පරපුරේ සිට පැවත එන වෙද පරම්පරාවක අන්තිම පුරුක ලෙස සැලකෙන ගුණසේකර බණ්‌ඩාර නමැති පාරම්පරික වෙද මහතා අපට එසේ හමුවියග
එවකට 1936 වසරේ වෙල්ලස්‌සෙ මැදගම් පත්තුවේ පුබ්බාර වසමේ වෙල්විදානේ ලෙස කටයුතු කරමින් ප‍්‍රකට පාරම්පරික වෛද්‍යවරයකු ලෙස දේශීය වෛද්‍ය විද්‍යාවට මහගු සේවයක් කළ කිරිවත්තේ වෙල්විදානේ වෙද මහතා ගුණසේකර බණ්‌ඩාර වෙද මහතාගේ සීයා වියග
එම පරපුරේ අන්තිම ජීවකයා වන ගුණසේකර බණ්‌ඩාර වෙද මහතා පාරම්පරික සර්වාංග වෛද්‍යවරයකු ලෙස තම වෛද්‍ය වෘත්තිය ප‍්‍රගුණ කර තිබේග 1968 වසරේ පළමු වරට ඌව වෙල්ලස්‌සේ පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ දී සර්වාංග වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වී තිබේග
අංශභාගල දියවැඩියාවල ආතරයිටීස් ඇතුළු ප‍්‍රබල රෝග කාරකයන් සඳහා පාරම්පරික පැවත එන පුස්‌කොළ පොත් අනුසාරයෙන් සකස් කරගත් තෙල් බෙහෙත් කල්ක ආදිය යොදාගනිමින් ප‍්‍රතිකාර කරනු ලබන බව පවසන බණ්‌ඩාර වෙද මහතා දියුණුවන ලෝකය සමග බිහිවන ඇතැම් ආහාර රටාවන් තුළ පවත්නා රෝග කාරකයන් හැම විටම කෙනෙකු රෝගියකු බවට පත්කරන බවත් පවසා සිටීග
මොනරාගල රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේ සිට වෙදකම කෙරෙහි ගත සිත යොමුකළ බණ්‌ඩාර වෙද මහතා තම පාරම්පරික ගති පැවැතුම්වලට අනුව දේශීය වෛද්‍ය විද්‍යාවේ නව මංපෙත් සොයමින් අංශභාගයල දියවැඩියාව වැනි ප‍්‍රබල රෝග තත්ත්වයන් සඳහා නව ඖෂධ වර්ග සොයා ගැනීමට සමත් වී සිටීග පාරම්පරික දියවැඩියා රෝගය නිට්‌ටාවට සුව කළ නොහැකි වුවත් එම රෝගී තත්ත්වය එතෙක් පවතින තත්ත්වය මත රදා පැවැත්වීමට හැකි වෛද්‍ය ක‍්‍රම පාරම්පරික වෙදකමේ පවතින බවත් පවසන වෙද මහතා ආහාර රටා හා වෙනත් ශාරීරික හේතු මත ඇති වන දියවැඩියා රෝගය නිට්‌ටාවටම සුව කිරීමට හැකි බව පවසයිග
මදුමේහය නොහොත් දියවැඩියාවට කෙනෙකු ගොදුරු වීමට මූලික හේතු කීපයක් තියෙනවාග ඒ ඔවුන් ගන්නා ආහාර රටාවන් හා ඔවුන් තුළ පවත්නා මානසික ආතතියයිග ඊට අමතරව දෛනිකව ශරීරයට අවශ්‍ය දියර ප‍්‍රමාණයන් ලබා නොගැනීමද කෙනෙකු දියවැඩියා රෝගියකු බවට පත්වීමට බලපාන බවත් ගුණසේකර වෙද මහතා පවසා සිටීග
දියවැඩියා රෝගියකුට කරන නව ප‍්‍රතිකාරයක් ලෙස ඒ සඳහා විශේෂිත වට්‌ටෝරුවක් යටතේ නිපදවා ගත් තෙල් වර්ගයක් දෙපයේ යටි පතුල්වල ගල්වා බුලත් කොළයකින් වසා රාත‍්‍රි නින්දට යැමට සැලැස්‌වීම මගින් ශරීරයේ ඉන්සියුලින් නිපදවීමට අවශ්‍ය ෙසෙල වර්ධනය කරවීමේ හැකියාව පවතින බවත් හෙතෙම පවසයිග
මෙවැනි ප‍්‍රතිකාර මගින් දියවැඩියා රෝගය යටතේ ඇතිවිය හැකි අතුරු ආබාධ වන ඇස් පෙනීම දුර්වලවීම ලිංගික දුර්වලතා මෙන්ම අස්‌ථි දිරායැම අත්පාවල හිරිවැටීම පාලන කළ හැකියග අතීත සමාජය තුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව තම නිවසේ මුළුතැන්ගෙයි නොයෙකුත් ඖෂධ වර්ගයන් කුළු බඩු වශයෙන් පාවිච්චි කළාග
ඒ අතර ඉගුරු කොත්තමල්ලි කහ ගම්මිරිස්‌ල සුදුලූනුුල සූදුරුල මහදුරු ප‍්‍රධාන තැනක් ගත්තාග අදටත් අප මුළුතැන් ගෙවල්වල ඒවා තැන්පත්ව පැවතුණද ඇතැම් කුළුබඩු ලෙහෙසියෙන් වෙළඳපොළෙන් ලබාගත් ක්‍ෂණිකව නිපදවා ගත් නොයෙකුත් රසකාරකයන්ගෙන් හා ව්‍යාජ ද‍්‍රව්‍ය උපයෝගී කරගනිමින් නිපදවන ඒවා බවට රාජ්‍ය සෞඛ්‍ය අංශ මගින් සිදුකළ වැටලීම් හා සොයාගැනීම් වලින් පෙනී ගොස් තිබෙනවාග
ඖෂධ ගුණයෙන් තොර මෙවැනි ආහාර රසකාරකයන් මගින් මෙතෙක් ලොව හඳුනා නොගත් රෝග කාරකයන් මිනිස් සිරුර ආක‍්‍රමණය කරමින් සිටින බවට ලොව නන්දෙසින් ඇසෙන පුවත් හා තොරතුරු මගින් සනාථ වෙමින් පවතින බවත් පවසන ගුණසේකර වෙද මහතා වෛද්‍ය විද්‍යාව මුදල් මත යැපෙන වෘත්තියක් කොටගත් කිසිම වෛද්‍ය වෘත්තිකයකුට කිසිම දිනක තම වෘත්තියේ ගෞරවනීයත්වය හා එයින් ලබාගත හැකි පල ලබාගත නොහැකි බවත් පවසා සිටීග
Tuesday, December 27, 2016
Home »
Helth
,
trips
» දිය වැඩියාවට බුලත් කොළ වලින් රහස්ප‍් රතිකාරයක්ගඔබත් මේ අපුරු බෙහෙත ගැන දැනගන්න මේ ලිපිය කියවන්න
0 comments:
Post a Comment